Search here...
TOP
එදිනෙදා ජීවිත​ය

ඔබේ පුංචි දඟයාත් කොණ්ඩය කපනවාට, නියපොතු කපනවාට අකමැතිද?

මගේ කොණ්ඩේ කපන්න එපානැතිනම්ආව් ඔයා මට රිද්දනවාහෝබබා දඟලන්න එපායන වචන දරුවාගේ කොණ්ඩය හෝ නියපොතු කපන විට හෝ කොණ්ඩය පීරන විට ඔබේ නිවසෙනුත් නිතර ඇසෙනවාද?

 

කොණ්ඩය කැපීම සහ හිසකෙස් පිළිවෙලට සකස් කිරීම බොහෝ කුඩා දරුවන් දැඩිව ප්‍රතික්ෂේප කරනවා. ඇතැම් අවස්ථාවල දරුවා තුළ කාංසාව සහ කෝපය ඇතිකරන අතර දෙමවුපියන් වෙහෙසට සහ කලකිරීමට පත්කරනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ඔබ දරුවා කොණ්ඩා මෝස්තර ශිල්පියකු වෙත යොමු කරන අතර ඇතැම් අවස්ථාවල එමගින් තත්ත්වය වඩාත් බරපතල වීමද සිදුවිය හැකියි. එසේනම් ඔබ කළ යුත්තේ කුමක්ද

 

පළමුවෙන්ම ඔබ දෙස දරුවාගේ දෘෂ්ටිකෝණයෙන් බැලිය යුතුයි. බොහෝ විට හිස කෙස් කැපීම අවසන් වන තුරු එකම ඉරියව්වකින් සිටිය යුතුයි. එය ඔවුන් වෙහෙසට පත් කරනවා. නමුත් දරුවා එක් ඉරියව්වකින් නොසිටීමෙන් හිසකෙස් කපන අතරතුර දරුවාට තුවාල සිදුවීමටද ඉඩ තිබෙනවා. එමෙන්ම රූපලාවණ්යාගාරයක් තුළ කොණ්ඩය කැපීමට යාමද දරුවට අභියෝග රාශියක් ගෙන එනවා. එහි ඇති ශබ්ද, නොයෙකුත් රසායන වර්ග හේතුවෙන් දරුවාගේ සංවේදී බව උත්තේජනය විය හැකි අතර හිසරදය, ඔක්කාරය වැනි තත්ත්වයන් ඇතිවීම කෙරෙහි බලපෑ හැකියි. එමෙන්ම හිසකෙස් වියළන යන්ත්රයන් මගින් නිකුත්වන ඝෝෂාව දරුවා අප්රිය කළ හැකියි. එවැනි ශබ්දය නිසා දරුවා අපහසුතාවයට පත් වීමෙන් වැලැක්වීමට හෙඩ්ෆෝන් හෝ ඉයර්ප්ලග් භාවිතා කිරීමට කැමතිදැයි දරුවාගෙන් අසන්න

 

දරුවාගේ කොණ්ඩය, නියපොතු කැපීම පහසු කිරීම පහසු කරවන ඉඟි කිහිපයක්

නිවසින් බැහැර ස්ථානයකදී කොණ්ඩය කැපීමට යාමෙන් දරුවා වඩාත් නොසන්සුන් විය හැකි බැවින් නිවසේදී එය සිදුකිරීමට උත්සාහ කරන්න

දරුවාට සුදුසු නිස්කලංක සැලොන් එකක් තෝරා ගන්න. හැකිනම් කුඩා දරුවන්ගේ පමණක් කොණ්ඩය කපන සැලොන් එකක් තෝරාගන්න

සාප්පු සවාරි වලට දරුවා එක්කර ගන්න. හිසකෙස් කැපීමට අවශ් උපකරන, පනා, කතුරු ආදිය සහ කොණ්ඩය කපන වේලාවට හැදීමට ඇදුමක් තෝරා ගැනීම වැනි දේට දරුවාට ඉඩ ලබාදෙන්න

කොණ්ඩය කපන අතරතුර කැඩපතෙන් බැලීමට ඉඩ දෙන්න

කොණ්ඩය කපන අතරතුර සංගීතයට සවන් දීම වැනි දේට දිරිගන්වන්න. එවිට අවට ශබ්ද මගින් දරුවා නොසන්සුන් වීම වැළකෙනවා.

ටයිමර් උපකරණයක් භාවිතයෙන් කොණ්ඩය කපන වේලාව සකසා එය අවසන් වනතෙක් පමණක් සිටීම ප්රමාණවත් බව පවසන්න. එවිට දරුවාට පාලනය ගැන වැටහීමක් ගෙන එනවා

දරුවා ප්රියකරන ආහාරයක් ලබාදෙන්න

දරුවාගේ නියපොතු කැපීමෙන් පසු ආලේප කිරීමට හොඳ සුවඳකින් යුතු ක්රීම් වර්ගයක් තෝරා ගැනීමට ඉඩ දෙන්න

දරුවන් අකමැති දේ කරන විට ඔවුන්ගේ කලබලකාරී නොසන්සුන් බවක් දැකිය හැකිය. ඒ නිසා එවැනි අවස්ථාවලදී සන්සුන් වීමට හුස්ම ඉහළ පහළ දැමීම හෝ වෙනත් සන්සුන් වීමට උපකාරීවන ක්රියාකාරකම් හුරු කරන්න

නිර්මාණශීලි වන්න. ඉහත සියල්ල අත් හදා බලා ප්‍රතිඵල නොමැති නම් ඔබ දරුවාට කතන්දරයක් සේ ඉදිරිපත් කර ඡායාරූප ගැනීම වැනි දේ සිදුකරන්න. කොණ්ඩය කැපීමට පෙර ඇඳුම් ඇන්දවීම, හිසකෙස් පීරීම, නියපොතු කැපීම වැනි දේ දරුවාට කැමැත්තක් / කුතුහලයක් ඇතිවන ආකාරයට විස්තර කරමින් ඡායාරූප ගනිමින් ඔබට එය සිදුකළ හැකියි

 

දරුවන් සෑමවිටම අලුත් අත්දැකීම් ලැබීමට කැමති බැවින් සෑම විටම දෙමවුපියන් ලෙස ඔබ නිර්මාණශිලී වීම වැදගත්. 

 

«

»