දරුවන්ට දෙන දඬුවමක් ඵලදායී නොවන විට කුමක් කළ යුතුද?

ළමයින්ගේ හික්මවීම සම්බන්ධයෙන් ගත් කළ, දෙමාපියෙකු විදිහට ඔයා එක එක ක්‍රම වලට දඬුවම් කර හොඳම දේ කුමක්දැයි පරීක්ෂා කරලා ඇති. නමුත් දරුවා ඔයාගේ කෝපය ගැන නොසැලකිලිමත් වී ඔයා ලබා දෙන දඬුවම් පිළිගැනීමට අකමැති වූ විට කුමක් කළ යුතුද? බොහෝ විට, ළමයින්ට නිතිපතා බැණ වැදීම හෝ දඬුවම් ලබා දීම නිසා ළමයින් දඬුවම් වලට හුරු වෙනව. මෙයින් දරුවන් කෝපයට පත්වන අතර බොහෝ විට ‘ඕනෑ එකක් කියමින් ඔබව නොසලකා හරින්න පුළුවන්. එවැනි තත්ත්වයක් තුළදී, දෙමව්පියන්ට ප්‍රයෝජනවත් වන උපදෙස් කිහිපයක් මෙන්න.

 

ඵලදායීතාවය

දරුවෙකු දඬුවමක් දකින ආකාරය කෙනෙක්ගෙන් කෙනෙක්ට වෙනස්. බැණ වැදීම සහ කාමරයට යැවීම එක් දරුවෙකුට විශාල දඬුවමක් විය හැකි අතර, එය තවත් දරුවෙක්ට වරදකාරී අවස්ථාවෙන් ගැලවීයාමක් විදියට දැනෙන්න පුළුවන්. ඒ නිසා ඔයාගේ  දරුවාට කුමන ආකාරයේ දඬුවමක් ඵලදායීදැයි සොයා බලන්න. ඒ වගේම එම දඬුවම අත්‍යාවශ්‍යම අවස්ථා වලදී විතරක් පාවිච්චි කරන්න.

 

අදහස් ප්‍රකාශ කරන්න

දරුවා එකට එක කියන විට හෝ යම් නරක විදියට හැසිරෙන විට ඔබට හැඟෙන ආකාරය ගැන ඔයාගේ දරුවාට දන්වන්න. දරුවන්ගේ නරක ක්‍රියාවන් සහ හැසිරීම තුළින් තවත් කෙනෙකුට හිංසා කිරීමට ඔහු / ඇය සමත් වන්නේ කෙසේද යන්න පිළිබඳව දැනුවත් කරන්න. මෙමගින් ළමයින්ට ඔවුන්ගේ ක්‍රියාවෙහි විශාලත්වය අවබෝධ කර ගත හැකි අතර, දරුවාගේ හැසිරීම නියමිත වේලාවට නිවැරදි කිරීමට පුළුවන් වෙනවා.

 

සාකච්ඡා කරන්න

ඔයා කළ යුතු වැදගත්ම දෙය නම්, දරුවා  වැරැද්දක් කර ඇති බව දැනුනහොත් මුලින්ම ප්‍රශ්නය ගැන සාකච්ඡා කරන්න.   හැබැයි ප්‍රශ්නය අතරතුර තරහින් මේ ගැන කතා කරන්න එපා. ඒ වගේ අවස්ථාවල එතනින් ඉවත්ව යෑමෙන් දරුවාගේ මේ හැසිරීම පිළිගත නොහැකි බවත් එවන් හැසිරීම් වලට ඔයාගෙ අවධානයක් නැති බවත් හැඟෙන්නෛඩ අරින්න. තත්ත්වය සමථයකට පත් වූ පසු, ඔයාට ගැටලුව ගැන දරුවා සමඟ විස්තරාත්මකව සාකච්ඡා කරන්න පුළුවන්.

 

ප්‍රශංසා කරන්න

දරුවා හොඳ දෙයක් කළවිට එය අගයන්න, ප්‍රශංසා කරන්න. එමඟින් දඬුවම් ගණන් නොගෙන ඉන්න හැසිරීම යම්තාක් දුරකට අඩු වෙනව. තත්ත්වය නරක අතට හැරෙන විට සහ වෙනත් විසඳුමක් නොමැති විට පමණක් දරුවාට දඬුවම් ලබා දීමට වග බලා ගන්න. මේ ආකාරයට ඔයාට ඔහුගේ/ ඇයගේ නරක හැසිරීමට මූලික ගැටළුව හඳුනා ගැනීමටද ඔයාට පුළුවන්.