නොමේරූ දරු උපතක් කියන්නෙ මොකක්ද කියල දන්නවද?

බොහෝ ගැබ් ගැනීම් සාමාන්‍යයෙන් සති 40 ක් පුරා පවතිනවා. නමුත් 37 වන සතියට පෙර උපත ලැබූ ළදරුවෙක්ව හඳුන්වන්නේ නොමේරූ හෝ පූර්ව කාලීන දරුවෙක් ලෙසයි. වෛද්‍ය විද්‍යාවේ දියුණුව නිසා නොමේරූ ළදරුවන් 10 න් 9 කට වඩා වැඩි ප්‍රමාණයක් අද වෙද්දී දිවි ගලවා ගන්නා අතර ඒ බොහෝ දෙනා සාමාන්‍ය විදිහටම වර්ධනය වෙනවා.

නොමේරූ ළදරුවන්ට වර්ධන ගැටළු ඇතිවීමේ වැඩි අවදානමක් තියනවා. සති 23 සිට 24 දක්වා උපත ලැබූ ළදරුවන්ට දිවි ගලවා ගන්න පුළුවන් නමුත් එය අවදානම් සහගතයි.

සති 32 ට පෙර උපත ලැබූ බොහෝ ළදරුවන්ට සහ කිලෝග්‍රෑම් 2.5 ක් හෝ ඊට අඩු බරකින් යුත් දරුවන්ට හුස්ම ගැනීමට උදව් අවශ්‍ය වෙනවා. ඔවුන් තනිවම ජීවත් වීමට තරම් දියුණු වෙනකල් neonatal intensive care unit (NICU) එකේ රැකබලා ගන්න පුළුවන්. සති 32 ත් 37 ත් අතර උපත ලබන ළදරුවන්ට special care nursery (SCN) එකක රැකවරණය අවශ්‍ය වෙන්න පුළුවන්.

 

නොමේරූ දරු උපතක් සිදු වෙන්නේ ඇයි?

නොමේරූ දරු උපත් සඳහා හේතු තවමත් සොයාගෙන තිබෙන්නේ අඩක් පමණයි. ඉතුරුවා තවමත් නොදන්නා කාරණායි. කෙසේ වෙතත්, නොමේරූ දරු උපත් වලට හේතු කිහිපයක් තිබෙනවා :

  • බහු ගර්භණීභාවය (නිවුන් දරුවන් හෝ ඊට වැඩි දරුවන් ප්‍රමාණයක්)
  • මවට ගර්භාෂය හෝ ගැබ්ගෙල සම්බන්ධ ගැටලුවක් තිබේ නම්
  • මවට ආසාදනයක් ඇති වෙලා නම්
  • pre-eclampsia වගේ සෞඛ්‍යමය තත්ත්වයක් ඇති නම් එයින් අදහස් කරන්නේ දරුවා ඉක්මණින් ප්‍රසූත කළ යුතු බවයි
  • මවට දියවැඩියාව වගේ සෞඛ්‍ය තත්ත්වයක් තියනවා නම්
  • නොමේරූ දරු උපත් පිළිබඳ ඉතිහාසයක් තිබෙනවා නම්

 

ඔබ සති 37 ට අඩු ගැබිණියක් නම් contractions, ඔබේ වෝටර් බෑග් එක කැඩී යාම, ලේ ගැලීම, ඔබේ යෝනි මාර්ගයෙන් ශ්ලේෂ්මල පටලයක් පෙන්වීම හෝ ඔබේ දරුවාගේ චලනයන් හදිසියේ අඩුවීම වගේ නොමේරූ දරු ප්‍රසූතියේ යම් සලකුණක් ඔබ අත්විඳිනවා නම්, ඔබේ වෛද්‍යවරයා වහාම අමතන්න. එයින් ප්‍රසූතිය මන්දගාමී කිරීමට හෝ නැවැත්වීමට පුළුවන් වෙයි. නමුත් සෑම දිනකම දරුවා ඔබේ ගර්භාෂය තුළ රැඳී සිටින තරමට එයාගේ පැවැත්මට ඇති ඉඩකඩ වැඩියි.

 

උපතේදී සිද්ධ වෙන්නේ කුමක්ද?

ඉතා නොමේරූ ළදරුවන්ට NICU ඇති රෝහලක උපත ලැබීම වඩාත් සුදුසුයි. දරුවා ඉපදුණු රෝහලට NICU එකක් නොමැති නම්, ඔබ සහ ඔබේ දරුවා වෙනත් රෝහලකට මාරු කරන්න පුළුවන්.

දරු ප්‍රසූතියේදී හැකිලීම නතර කිරීම සඳහා ඔබට ඖෂධ ලබා දෙයි. අවශ්‍ය නම් වෙනත් රෝහලකට මාරු කිරීමට ද මෙය ඔබට ඉඩ සලසයි. ඔබේ දරුවාගේ පෙනහළු වඩාත් කාර්යක්ෂමව ක්‍රියා කිරීමට උපකාරී වන පරිදි උපතට පෙර පැය 12 සිට 24 දක්වා corticosteroids එන්නත් ලබා ගන්න පුළුවන්.

නොමේරූ ළදරුවන් ඉතා ඉක්මණින් උපත ලබන්න පුළුවන්. ඔවුන් සාමාන්‍ය විදිහටම යෝනි මාර්ගය හරහා උපත ලබයි. කෙසේ වෙතත්, සමහර අවස්ථාවලදී සිසේරියන් සැත්කමකින් දරුවා ප්‍රසූත කිරීම ආරක්ෂිතයි කියලා වෛද්‍යවරයා තීරණය කරන්න පුළුවන්. ඔබේ වෛද්‍යවරයා මෙම තීරණය ඔබ සමඟ සාකච්ඡා කරයි.

නව ජන්ම (අලුත උපන්) ඒකකයේ වෛද්‍ය කණ්ඩායමක් උපත සඳහා පැමිණෙයි. ඔබේ දරුවා ඉපදුණු විගසම, ඔවුන් ඔබේ දරුවාව රැකබලා ගන්නවා. සමහර විට නවජ (ළදරු) නැවත පණ ගැන්වීමේ ඇඳක් භාවිතා කරයි. වෛද්‍යමය කණ්ඩායම ඔබේ දරුවා උණුසුම්ව තබා ගන්නා අතර ඔක්සිජන් ආවරණයක් හෝ හුස්ම ගැනීමේ නළයක් සහ සමහරවිට ඖෂධයකින් හුස්ම ගැනීමට ඔවුන්ට උදව් කරයි. සමහර ළදරුවන්ට cardio-pulmonary resuscitation (CPR) හෝ ඇඩ්‍රිනලින් එන්නත් කිරීම මගින් හෘද ස්පන්දනය පවත්වා ගැනීමට උපකාර අවශ්‍ය වෙනවා.

ඔබේ දරුවා ස්ථාවර වුණාට පස්සේ, ඔවුන් NICU හෝ SCN වෙත මාරු කරනවා.

 

නොමේරූ දරුවා මොන වගේද?

සති 36 සිට 37 දක්වා උපත ලබන ළදරුවන් සාමාන්‍යයෙන් කුඩා පූර්ණ කාලීන ළදරුවන් මෙන් පෙනෙනවා. ගොඩක් නොමේරූ ළදරුවන් ඉතාම කුඩා වෙයි (සමහර විට ඔබේ අතේ ප්‍රමාණය තරම්). එයාලට ඉතා හානිවෙන සුළු පෙනුමක් තියෙන්නේ.

සම: එය සම්පූර්ණයෙන් සංවර්ධනය නොවෙන්න පුළුවන් අතර දිලිසෙන, පාරභාසක, වියලි හෝ සුදුමැලි ලෙස පෙනෙයි. දරුවා උණුසුම්ව තබා ගැනීම සඳහා සමට යටින් මේදය නැති වෙන්න පුළුවන්.

ඇස්: ඉතා නොමේරූ ළදරුවන්ගේ ඇසිපිය මුලින් වැසිලා තියෙන්න පුළුවන්. සති 30 ක් වන විට ඔවුන්ට විවිධ දර්ශන වලට ප්‍රතිචාර දැක්වීමට පුළුවන් වෙන්න ඕනේ.

නොමේරූ සංවර්ධනය: ඔබේ දරුවාට තමන්ගේ ශරීර උෂ්ණත්වය, හුස්ම ගැනීම හෝ හෘද ස්පන්දන වේගය නියාමනය කිරීමට බැරි වෙන්න පුළුවන්. ඔවුන් ඇඹරීමට, දැඟලීමට හෝ අවදියෙන් සිටීමට බැරි වෙන්න පුළුවන්.

හිසකෙස්: ඔබේ දරුවාගේ හිසේ කුඩා හිසකෙස් තිබෙන්න පුළුවන්. නමුත් ශරීරයේ මෘදු කෙස් ගොඩක් තියෙයි (‘lanugo’ ලෙස හැඳින්වේ).

ලිංගේන්ද්‍රයන් : දරුවාගේ ලිංගේන්ද්‍රයන් කුඩා හා ඌණ සංවර්ධිත වෙන්න පුළුවන්.

 

ඔබේ නොමේරූ දරුවාගේ වර්ධනය

නොමේරූ ළදරුවන් සඳහා තිබෙන පොදු ගැටළු කිහිපයක් නම්:

  • හුස්ම ගැනීමේ ගැටළු
  • හෘදයාබාධ
  • ඔවුන්ගේ ආහාර ජීර්ණ පද්ධතියේ ගැටළු
  • සෙංගමාලය
  • රක්තහීනතාවය
  • ආසාදන

 

නොමේරූ ළදරුවන් බොහෝ දෙනෙක් සාමාන්‍යයෙන් වර්ධනය වෙනවා. නමුත් ඔවුන්ට සංවර්ධන ගැටළු වලට වැඩි අවදානමක් ඇති නිසා රෝහලේ හෝ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයකු සමඟ නිරන්තර සෞඛ්‍ය හා සංවර්ධන පරීක්ෂණ අවශ්‍ය වෙනවා. ඔබේ දරුවාගේ දියුණුව ගැන ඔබ කණස්සල්ලට පත් වෙලා නම්, ඔබේ වෛද්‍යවරයා සමඟ කතා කරන්න.

 

නොමේරූ දරු උපත් නිසා පසුකාලීනව ඇති වෙන්න පුළුවන් ගැටළු වලට ඇතුළත් වන්නේ:

  • භාෂා ප්‍රමාද
  • වර්ධනය සහ චලන ගැටළු
  • දත් සමඟ ගැටළු
  • පෙනීම හෝ ඇසීම පිළිබඳ ගැටළු
  • සිතීමේ සහ ඉගෙනීමේ දුෂ්කරතා
  • සමාජ හා මානසික ගැටළු

 

ගෙදර යන්න වෙලාව එනකොට

දරුවා සහ ඔබ සූදානම් බව වෛද්‍යවරු විශ්වාස කරනකල් රෝහලෙන් ඔබේ දරුවාව ගෙදර යවන්නේ නෑ. නිවසේදී ඔබේ දරුවා රැකබලා ගන්නේ කොහොමද යන්න තේරුම් ගැනීමට වෛද්‍ය කාර්ය මණ්ඩලය වග බලා ගනියි. මේ ගැන අපි මීට පෙර ලිපියකින් කතාබහ කළා. ඔබට අවශ්‍ය ඕනෑම උපකරණයක් භාවිතා කරන්නේ කොහොමද යන්නත් ඔවුන් ඔබට පෙන්වයි.

 

රෝහලේ මෙතරම් කාලයක් ගත වුනාට පස්සේ ඔබ ඔබේ දරුවා බලා ගන්නකොට ටිකක් කණස්සල්ලට පත්වීම සාමාන්‍ය දෙයක්. ඔබ දෙදෙනාම නිවසේ සිටීමට පුරුදු වෙනකල් සන්සුන්ව හා නිහඬව ඒ අත්දැකීම භාරගන්න.