මොකක්ද මේ එපිඩියුරල් කියන්නෙ?

එපිඩියුරල් (Epidural) කියන්නේ දරු ප්‍රසූතියේ හෝ සිසේරියන් සැත්කමකදී මවුවරුන්ට ඇති වන වේදනාව දුරු කිරීම සඳහා ලබා දෙන සහනශීලී ප්‍රතිකාරයක්. දැන් එහෙනම් අපි බලමු මේ ප්‍රතිකාරය ගර්භණී ඔබට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද කියලා…

 

එපිඩියුරල් කියන්නේ මොකක්ද ?

එපිඩියුරල් කියන්නේ ඔබේ කොන්දේ පහළ ඇති කොඳු ඇට පෙළ වටා ඇති කොටසට නිර්වින්දකයක් එන්නත් කරන ක්‍රියා පටිපාටියක්.

 

මෙම නිර්වින්දනය සාමාන්‍යයෙන් දරු ප්‍රසූතියේදී සහ උපතේදී ඇතිවන වේදනාව ඉතාම ඵලදායී විදිහට සමනය කරවනවා. එපිඩියුරල් සමඟ ඔබට සාමාන්‍ය විදිහට චලනය වෙන්න පුළුවන් අතර ඔබට ප්‍රසූතියේදී අවශ්‍ය වුණාම ඔබේ දරුවාව පිටතට තල්ලු කරන්නත් පුළුවන්. එපිඩියුරල් සාමාන්‍යයෙන් ලබා දෙන්නේ නිර්වින්දන වෛද්‍යවරයකු විසිනුයි.

 

ක්‍රියා පටිපාටිය

එපිඩියුරල් එකකට පෙර සාමාන්‍යයෙන් ඔබට ඩ්‍රිප් එකක් ලබාදෙනව.

ප්‍රතිකාරය ලබා දෙන්න කලින් ඔබට වාඩි වෙලා කොට්ටයක් උඩ නැමිලා ඉන්න පුළුවන්. නැත්නම් පැත්තට හැරිලා ගුලිවෙලා වගේ ඉන්න වෙනව. මෙය ඉඳිකටුව නිවැරදි ස්ථානයට ඇතුළු කිරීම පහසු කරවනවා. ඔබට නොසෙල්වී ඉන්න කියලත් කියාවි. 

මුලින්ම ඔබේ කොන්ද පහළ සීතල විෂබීජ නාශක මගින් සෝදා හරිනවා. ඊට පස්සේ ඔබේ කොන්දේ පිටුපස සමට නිර්වින්දනයෙන් කුඩා ප්‍රමාණයක් එන්නත් කරනු ලබනවා. ඔබේ කොඳු ඇට පෙළේ අස්ථි අතරට ඉඳිකටුව ඔබේ කොඳු ඇට පෙළ වටා ඇති අවකාශය හරහා ඇතුල් කරනු ලබනවා. ඔබේ ප්‍රසූත වේදනා නතර වුණාම ඔබේ නිර්වින්දන වෛද්‍යවරයා එපිඩියුරල් ඉඳිකටුව ඇතුල් කරනවා. එබැවින් ඔබට ප්‍රසූත වේදනා ඇති විට ඒවා පැවසීම වැදගත්.

ඉන් පසුව කුඩා මෘදු ප්ලාස්ටික් නලයක් ඇතුල් කරමින් ඉඳිකටුව ඉවත් කරනවා. එම නළය මගින් ඔබේ වේදනාව සංසිඳවන නිර්වින්දනය ලබා දෙනවා.

ඔබේ වේදනාව එපිඩියුරල් මගින් සමනය කිරීමට සාමාන්‍යයෙන් මිනිත්තු 5 ත් 30 ත් අතර කාලයක් ගත වෙයි.

ඔබට සාමාන්‍යයෙන් එපිඩියුරල් එකක් ලබා දෙන්නේ ප්‍රසූතියේ පළමු අදියරේදී පමණයි. නමුත් එය ප්‍රසූතියේ ඕනෑම අදියරකදී ලබා දෙන්නත් පුළුවන්.

 

එපිඩියුරල් එකක වාසි සහ අවාසි

එපිඩියුරල් බොහෝ රෝහල්වලින් ලබා ගන්න පුළුවන්.

 

එපිඩියුරල් එකක වාසි :

 

  • එය සාමාන්‍යයෙන් ඉතා ඵලදායී වෙනවා.
  • එය සාමාන්‍යයෙන් ඉතා ආරක්ෂිතයි.
  • ඔබට අවශ්‍ය විදියට හෙලවෙන්න සහ ප්‍රසූතියේදී තල්ලු කිරීමට හැකියාව තියෙනව.
  • ඔබට දිගු ප්‍රසූත කාලයක් අත්විඳින්න වුණොත් එය ඔබට නිදා ගැනීමට සහ ඔබේ ශක්තිය නැවත ලබා ගැනීමට ඉඩ සලසයි.
  • ඔබට සිසේරියන් සැත්කමක් කළොත් ඔබට අවදියෙන් ඉන්න පුළුවන් අතර ඔබේ සහකරුට එතන ඉන්නත් පුළුවන් .

 

එපිඩියුරල් එකක අවාසි :

 

  • වෛද්‍ය හේතූන් මත සෑම මවකටම එපිඩියුරල් ලබා ගන්න බෑ.
  • ඔබේ අතේ ඇති නලයක් හරහා ඔබට තරල ලබා දීමට අවශ්‍ය වෙන්න පුළුවන් අතර ඔබේ රුධිර පීඩනය නිරීක්ෂණය කිරීම ද අවශ්‍ය වෙනවා.
  • ඔබේ මුත්‍රාශය පිළිබඳව සංවේදන නැති වෙන්න පුළුවන්  නිසා මුත්‍රා පිට කිරීමට කැතීටරයක් (නලයක්) සවි කරයි.
  • ඔබට පැය කිහිපයක් ඔබේ කකුල් වල සංවේදන ද නැති වෙන්න පුළුවන්.
  • එය ප්‍රසූතියේ දෙවන අදියර මන්දගාමී කරවන්න පුළුවන්.
  • ඔබට ප්‍රසූතියේදී දරුවාව පිටතට තල්ලු කිරීමට නොහැකි වෙන්න ඉඩ ඇති අතර දරු ප්‍රසූතිය සඳහා උපකාර අවශ්‍ය වෙයි.
  • දරු ප්‍රසූතියේදී ඔබේ දරුවාව ඉතා හොඳින් නිරීක්ෂණය කරන්න අවශ්‍ය වෙනව.
  • ඔබට එපිඩියුරල් එකක් ලබා දුන්නත් නැතත් ඔබට සිසේරියන් සැත්කමක් කිරීමේ අවස්ථාවෙ කිසිදු වෙනසක් සිදු වෙන්නේ නෑ.

 

අවදානම් සහ අතුරු ආබාධ

 

එපිඩියුරල් ඵලදායී හා තරමක් ආරක්ෂිතයි තමයි. නමුත් ඒ තුළ ද ඇති වෙන්න පුළුවන්  අවදානම් තත්ත්ව තිබෙනව.

 

  • සමහර කාන්තාවන්ට සීතල හෝ කැසීම් ඇතිවෙනව.
  • කාන්තාවන්ගෙන් සුළු පිරිසකට වේදනා සහනයක් නොලැබෙන්නත් පුළුවන්.
  • සමහර කාන්තාවන්ගේ කකුල් වල දුර්වලතා ඇති වෙනවා ; එය පැය කිහිපයකට පසු සමනය වෙයි.
  • ප්‍රසූතියේදී උපකාර කිරීම සඳහා forceps හෝ වැකියුම් කිරීම අවශ්‍ය වීමේ වැඩි අවදානමක් තිබෙනවා.
  • සමහර කාන්තාවන්ට එපිඩියුරල් එකකින් පැය 24 සිට 48 දක්වාපමණ දරුණු හිසරදයක් ඇති වෙනවා.
  • සමේ ආසාදනයක් ඇතිවීමට ද සුළු අවස්ථාවන් තිබෙනවා.
  • ඉතා කලාතුරකින් කාන්තාවන් සුළුතරයකට ස්ථිර ස්නායු හානියක් සිද්ධ වෙන්නත් පුළුවන්.

 

මේ සම්බන්ධව ඔබේ වෛද්‍යවරයා හෝ මිඩ් වයිෆ් සමඟ සාකච්ඡා කළ යුතු දේවල් කීපයකුත් තිබෙනවා. 

 

  • ඔබ තෝරාගත් රෝහලේ හෝ උපත් මධ්‍යස්ථානයේ එපිඩියුරල් එකක් ලබා ගන්න පුළුවන්ද කියන එක.
  • ඔවුන්ගේ එපිඩියුරල් ක්‍රියා පටිපාටි මොනවාද යන විස්තර.
  • ඔබට වඩාත් ගැලපෙන වේදනා සහන වර්ගය මොකක්ද කියන එක.