Vaginal ultrasound නැත්නම් යෝනිමාර්ගික ස්කෑන් කිරීම ගැන ඔබ දත යුත්තේ මොනවද?

යෝනිමාර්ගික ස්කෑන් කිරීම හෙවත් Vaginal අල්ට්රා සවුන්ඩ් කියන්නේ කාන්තාවක්ගේ යෝනිය තුළට ඇතුළු කරවන පරීක්ෂකයක් මඟින් ලබා ගන්නා ස්කෑන් පරික්ෂණයකුයි. එය ගර්භණී ඔබේ කළලරූපය, ගැබ්ගෙල සහ වැදෑමහ පිළිබඳ පැහැදිලි චිත්‍රයක් වෛද්‍යවරුන්ට ලබා දෙනවා. ඒ වගේම ඒක අභ්‍යන්තර අල්ට්රා සවුන්ඩ් හෝ ට්‍රාන්ස්වැජයිනල් අල්ට්රා සවුන්ඩ් ලෙසද හැඳින්වෙනවා. ඔබට ඒ ගැන පැහැදිලි අදහසක් තවමත් නැත්නම් මේ ලිපිය ඒ සඳහා උදව් වෙයි…

 

Vaginal අල්ට්රා සවුන්ඩ් පරීක්ෂණය කුමක් සඳහා ද?

Vaginal අල්ට්රා සවුන්ඩ් පරීක්ෂණයකින් වෛද්‍යවරයාට හෝ අල්ට්රා සවුන්ඩ් තාක්ෂණවේදියෙකුට (සොනොග්රැෆර්) ඔබේ ගර්භාෂයේ තිබෙන කළලරූපය බැලීමට හා මැනීමට ඉඩ ලබා දෙනවා. විශේෂයෙන්ම ඔබ නිවුන් දරුවන් දෙදෙනෙක් හෝ තිදෙනෙක් සමඟ ගැබ්ගෙන ඇති දැයි ඒ හරහා ඔබට සොයා ගන්න පුළුවන්.

 

ඒත් එක්කම ඔබේ යෝනි මාර්ගය, වැදෑමහ, ගැබ්ගෙල, පැලෝපීය නාල, ගර්භාෂය සහ ඩිම්බ කෝෂ දෙස බැලීමට වෛද්‍යවරයාට හෝ සොනොග්‍රැෆර්ට ඒ හරහා හැකියාව ලැබෙනවා.

 

මෙම පරීක්ෂා කිරීම සඳහා Vaginal අල්ට්රා සවුන්ඩ් එකක් හොඳින් ගැළපෙනවා. නැත්නම් ඒ වෙනුවට ඔබේ උදරය මතින් කරන සාමාන්‍ය අල්ට්‍රා සවුන්ඩ් ස්ජෑන් එකක් කරනව. 

 

Vaginal අල්ට්රා සවුන්ඩ් පරික්ෂණයක් නිර්දේශ කරන්නේ ඇයි?

 Vaginal අල්ට්‍රා සවුන්ඩ් එකක් නිර්දේශ කරන්නේ:

 

  • ඔබේ වෛද්‍යවරයාට හෝ මිඩ් වයිෆ්ට පැහැදිලි රෝග විනිශ්චයක් සඳහා standard abdominal ultrasound පරීක්ෂණයක් හරහා ලබා ගන්න රූපයට වඩා පැහැදිලි රූපයක් අවශ්‍ය වුණාම. 
  • ඔවුන්ට ඔබේ ගර්භණීභාවය ඉතා ඉක්මණින් පරීක්ෂා කිරීමට අවශ්‍ය වුණාම.

 

ගර්භණී සමයේදී එය භාවිතා කරන්නේ කවදාද?

 

Vaginal අල්ට්රා සවුන්ඩ් එකකට පුළුවන් :

 

ඔබ ගැබ්ගෙන ඇති බව තහවුරු කරන්න.

ඔබේ ගර්භණී අවධියේදීම දරුවාගේ හෘද ස්පන්දනය හඳුනා ගන්න.

කළලරූපයේ පිහිටීම සහ ප්‍රමාණය සටහන් කරන්න

ඔබ එක් දරුවෙකු හෝ වැඩි ගණනක් සමඟ ගැබ්ගෙන ඇත්දැයි තීරණය කරන්න.

 

Vaginal අල්ට්රා සවුන්ඩ් හරහා ගැටළු විනිශ්චය කරන්න හෝ හඳුනා ගැනීමට භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම :

 

  • ගර්භාෂයෙන් පිටත වන ගැබ් ගැනීමක් හඳුනා ගන්න.
  • නොමේරූ දරු උපතක අවදානම තීරණය කිරීම සඳහා ගැබ්ගෙල මැනීමට හා අවශ්‍ය ඕනෑම මැදිහත්වීමකට ඉඩ සලසා ගැනීමට.
  • වැදෑමහ හෝ ගැබ්ගෙලෙහි අසාමාන්‍යතා හඳුනා ගන්නට.
  • ඔබට ලේ ගැලීමක් සිදුවී ඇත්නම්, කොහෙන්දැයි සොයා ගැනීමට.

 

Vaginal අල්ට්රා සවුන්ඩ් කිරීම සිදු කරන්නේ කොහොමද ?

එය සිදු කරන්නේ ඔබේ වෛද්‍යවරයා හෝ සොනොග්‍රැෆර් විසින් රෝහලක, සායනයක හෝ උපදේශන කාමරයකදීයි. ඒ සඳහා ඔබේ ඇඟිල්ලට වඩා තරමක් පළල් වූ පරීක්ෂකයක් භාවිතා කරයි.

 

අල්ට්රා සවුන්ඩ් ආරම්භ වීමට පෙර ඔබේ මුත්‍රාශය හිස් කරලද ඉන්නේ කියලා ඔබෙන් අසයි. ඔබ ටැම්පොන් භාවිතා කරනවා නම්, ඔබ එය පිටතට ගන්න අවශ්‍යයි.

 

ඔබගේ ඇඳුම්වල පහළ භාගය ගලවා පරීක්ෂණ මේසය මත දණහිස් නවා හාන්සිවී සිටින ලෙස ඔබට කියයි. නැත්නම් ඔබේ ඉණ තරමක් ඉහළට ඔසවා තබා ගන්නත් පුළුවන්.

 

පරීක්ෂකය කොපුවකින් ආවරණය කරන අතර එය ලිහිසි ජෙල් වලින් ද ආවරණය කරලයි තියෙන්නේ. එය ඔබේ යෝනි මාර්ගයට සෙන්ටිමීටර 5-8 ක් පමණ සෙමින් ඇතුල් කරයි. ඒක සාමාන්‍යයෙන් වේදනා දෙන්නේ නෑ. නමුත් ඔබට පීඩනයක් දැනෙන්න පුළුවන් අතර එකෙන් අපහසුතාවයට පත් වෙන්නත් පුළුවන්.

 

පරීක්‍ෂා කරන දේ පිළිබඳ හොඳම රූප ලබා ගැනීම සඳහා පරීක්ෂකය එහා මෙහා යැවෙනවා. සාමාන්‍යයෙන් මිනිත්තු 15-30 ක් ගත වෙද්දී පරීක්ෂණය ඉවර කෙරෙනවා.

 

පිරිමි සොනෝග්‍රැෆර්වර‍යෙක් විසින් පරීක්ෂණය පැවැත්වීම ඔබට පහසුවක් නොවෙයි නම් ඔබට කාන්තා සොනෝග්‍රැෆර්වරයෙක් ඉල්ලා සිටින්න පුළුවන්. ඔබට සහාය ලබා ගැනීම සඳහා කාන්තා සෞඛ්‍ය සේවිකාවක් ඉල්ලා සිටින්නත් පුළුවන්. නැත්නම් පවුලේ සාමාජිකයෙක් ඔබ සමඟ තබා ගන්න.

 

ප්‍රතිඵල  ලැබෙන්නේ කවදාද?

 

ඔබේ ස්කෑන් පරීක්‍ෂණය අතරතුර බොහෝ විට ඔබට මොනිටරයක් මත අල්ට්රා සවුන්ඩ් රූප දැක ගන්න පුළුවන්. ඔබේ වෛද්‍යවරයා ඉන්නවා නම් ඒ ගැන ඔවුන් ඔබ සමඟ කෙලින්ම සාකච්ඡා කරයි.

 

විශේෂඥයෙක් නොමැති නම් සාමාන්‍යයෙන් සොනොග්‍රැෆර්ට ඔවුන් ඔබ සමඟ දකින දේ සාකච්ඡා කිරීමට අවසර නෑ. පින්තූර සැකසූ පසු ඔබේ වෛද්‍යවරයා විසිනුයි ඒවා පරීක්ෂා කරන්නේ. ප්‍රතිඵල ලබා ගැනීමට වෛද්‍යවරයෙක් සිටිනවා නම් එවලේම හෝ සාමාන්‍යයෙන් දිනක් හෝ දෙකක් ගත වෙන්න පුළුවන්.

 

අවදානම් ති​බෙනවාද ?

 

ඔබේ වෝටර් බෑග් එක කැඩීලා නැති තාක් කල් යෝනියේ අල්ට්රා සවුන්ඩ් පරීක්ෂණය ඔබට සහ ඔබේ දරුවාට ආරක්ෂිතයි.

 

ඔබ ලැටෙක්ස් වලට ආසාත්මිකතාවයක් දක්වනවා නම් සෝනෝග්‍රැෆර්ට දන්වන්න. එවිට ඔවුන්ට පරීක්ෂණයේදී ලැටෙක්ස් රහිත කොපුවක් භාවිතා කරන්න පුළුවන්.

 

එම ක්‍රියා පටිපාටියෙන් පසුව පසු බලපෑම් මොකුත් නැත්නම් ඔබට අවශ්‍ය වුණාම නිවසේ සාමාන්‍ය එදිනෙදා ක්‍රියාකාරකම් වෙත ආපසු යන්න පුළුවන්.