කළලය වැඩීම නතර වීමෙන් වෙන ගබ්සාව ගැන වැඩි විස්තර දැනගන්න

ඩිම්බය වැඩෙන එක නතර වීම කියන්නේ ගර්භණී අවධියේ මුල් අවධියේදී සිදුවිය හැකි ගබ්සාවක්. එය ඉතා අවුල් සහගත හා අනපේක්ෂිත විය හැක.

 

කළලය වැඩෙන එක නතර වීම යනු කුමක්ද?

ඩිම්බය වැඩෙන එක නතර වීම යනු ගැබ් ගැනීමක් සිදු වී එයින් වැදෑමහ සහ වෝටර් බෑග් එක වර්ධනය වන නමුත් කළලය වර්ධනය වෙන්නේ නැහැ. කළලරූපය නොමැති බැවින් එය ‘anembryonic ගැබ් ගැනීමක්’ ලෙසද හැඳින්වෙනවා. කළලය වැඩෙන්නෙ නැති වුණත් තවමත් හෝමෝන නිපදවන හෙයින්, එය පොසිටිව් ගර්භණී පරීක්ෂණයක් ලෙස පෙන්වනවා.

ගර්භණී සති 7 ත් 12 ත් අතර කාලය තුළ වැඩෙන්නේ මෙය ගබ්සා වීමට හේතු වෙනවා. ගර්භණීභාවය නිසි ලෙස වර්ධනය නොවන බව ඔබේ ශරීරය වටහාගෙන ගර්භාෂයෙන් රුධිරය හා පටක ඉවත් කිරීමට පටන් ගන්නවා.

ගබ්සාවක් කාන්තාව අතිශයින්ම සිත්තැවුලට පත් කරනවා. බොහෝ කාන්තාවන්ට සිත හදා ගැනීමට සහ ශෝකවීමට කාලය අවශ්‍යයි. විවිධ පුද්ගලයින් ගබ්සාවකට ප්‍රතිචාර දක්වන්නේ විවිධ ආකාරයටයි. ගබ්සාවීම ඇතමුන්ට කෝපයක් හෝ වරදකාරී හැඟීමක් ඇති කරනවා.   

 

ඩිම්බයක් සම්පූර්ණයෙන් ක්ෂය වෙලා යාමට හේතුව කුමක්ද?

ඩිම්බට සංසේචනය වූ විට, වෝටර් බෑග් එක හා වැදෑමහ ඇති කරන සෛල වැඩි වීමට පටන් ගන්නවා. නමුත් ඉඳහිටකදී කළලය ලෙස වර්ධනය විය යුතු සෛල වැඩිවෙන්නේ නැහැ.

මෙය මෙසේ වීමට හේතුව සොයාගෙන නැහැ. නමුත් එය ඔබේ වරදක් නොවන බව වටහාගන්න ඕන.   

 

මෙය හඳුනාගන්නේ කෙසේද සහ කවදාද?

බොහෝවිට එය සාමාන්‍ය අල්ට්‍රා සවුන්ඩ් පරික්ෂණයක් අතරතුරදී දැනගන්න ලැබෙනවා. සුභ ආරංචියක් අපේක්ෂාවෙන් අල්ට්‍රා සවුන්ඩ් පරීක්ෂණය වෙත යන කාන්තාවකට මේ ආරංචිය දරාගැනීම දුෂ්කර වෙන්න පුළුවන්.

එහෙමත් නැත්නම් ගර්භණී අවධියේ ආරම්භයේදීම ලේ ගැලීමක් සිදුවෙනවා නම් එය පරීක්ෂා කිරීම සඳහා අල්ට්‍රා සවුන්ඩ් පරීක්ෂණයක් භාවිතා කරනවා. 

 

මේ තත්ත්වයට ප්‍රතිකාර කරන්නේ කෙසේද?

වෛද්‍යවරයා ඔබ සමඟ විකල්ප සාකච්ඡා කරනවා. ස්වාභාවිකව ගබ්සාව සිදුවීමට ඉඩ දීමට ඔබට තෝරාගන්න පුළුවන්. ස්වාභාවික ගබ්සාව ආරම්භ වූ පසු, ලේ ගැලීම අවසන් වීමට දින ගණනක සිට සති ගණනක් දක්වා කාලය ගත වෙන්න පුළුවන්. රුධිර වහනය අධික නම්, ඔබට වේදනාවක් හෝ අසනීපයක් දැනේ නම්, ඔබේ වෛද්‍යවරයා හමුවන්න.

ස්වභාවික ගබ්සාවක් වෙනුවට ඖෂධ ගැනීමෙන් හෝ ශල්‍යකර්මයක් මගින් මෙය ඉවත් කරන්නත් පුළුවන්.

 

එය නැවත ගැබ් ගැනීම කෙරෙහි බලපාන්නේද?

කළලය වර්ධනය නොවීමේ තත්ත්වය නැවත සාර්ථක සහ සම්පූර්ණ ගැබ් ගැනීමක් සිදු නොවීමට කිසිසේත්ම බලපාන්නෙ නෑ. මෙවන් ගබ්සාවකින් පසුව වෛද්‍ය උපදෙස් අනුව ඔබට නැවත ගැබ් ගැනීමට සුදුසු කාලය තීරණය කරන්න පුළුවන්.