ආරම්භක මාසවලදී ඔබේ ළදරුවාට අවශ්‍ය දේවල් මොනවාද කියලා හරියටම දන්නවාද?

ළදරුවන් නිතර නිතර කිළුටු කරගන්න නිසා ඉපදුණාට පස්සේ ආරම්භක මාසවලදී එයාලාට වැඩි ඇඳුම් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ළදරු ඇඳුම් මිලදී ගැනීම සඳහා සාප්පු යාම ගොඩක් අම්මලාට විනෝදජනක අත්දැකීමක් වන අතර විවිධාකාර හුරුබුහුටි ළදරු ඇඳුම් ද ඕනේ තරම් අද කාලයේ තියනවා. හැබැයි දෙමවුපියන් විදියට කොයි තරම් ඇඳුම් ගොඩක් ගන්න ආස වුණත් ළදරුවන් ඉක්මණින් වැඩෙන නිසා ඇඳුම් නාස්ති වෙන්න පුළුවන්. ආරම්භක මාසවලදී ඔබේ ළදරුවාට අවශ්‍ය මූලික ඇඳුම් සහ අයිතම මොනවාද, දැන ගැනීමට දිගටම කියවන්න.

 

ළදරුවන් ඉතා වේගයෙන් වර්ධනය වෙනවා

ඔබ දන්නා විදිහටම පළමු මාස කිහිපය තුළ ළදරුවන් ඉතා වේගයෙන් වර්ධනය වෙනවා. ඒ නිසා ඔබ බුද්ධිමත්ව සාප්පු සවාරි යන්න ඕනේ. ඒ අතර පළමු මාසය සඳහාම විතරක් ඇඳුම් මිල දී ගන්න එපා. නමුත් ඔබට අවශ්‍ය තරම් අමතර ඇඳුම් ගන්න. මොකද ඔබේ අලුත උපන් බිළිඳා වැසිකිළි පුහුණුව ලැබීමට ගොඩක් කල් තියෙන නිසා එයා දිනකට තමන්ගේ ඇඳුම් වැඩි ගණනක් කිළුටු කරගන්නවා. 

 

ළදරුවාගේ සම අතිශයින් සංවේදීයි

ඔබ මතක තබා ගත යුතු දෙයක් තමයි ඔබේ ළදරුවාගේ සම අතිශයින් සංවේදී නිසා පළමු මාස දෙක සඳහා මෘදු, පිරිසිදු හා අලුත් ඇඳුම් මිලදී ගන්න. ටික කාලයකට පස්සේ ඔබේ වැඩිමල් දරුවාට ඇන්දවූ ඇඳුම් වුණත් පාවිච්චි කරන්න පුළුවන්. නමුත් අවම වශයෙන් අවුරුදු කිහිපයක්වත් කිසිදු කෘතිම ද්‍රව්‍යයක් භාවිතා කිරීමෙන් වළකින්න සහ ඒවා ඉතා තද නැති බව සහතික කරගන්නට සියලුම ඇඳුම් කැබලි වල ඉලාස්ටික්ස් පරීක්ෂා කරන්න.

 

ලැයිස්තුවේ ඊළඟට එන්නේ නැපි

ඉවත දමන්න පුළුවන් නැපීස් අද වෙළඳපොලේ තිබෙනවා. මේවා අනිවාර්යයෙන්ම වඩා පහසුයි නමුත් මිල අධිකයි. නැවත සෝදන්න පුළුවන් නැපීස් උණත් පටන් ගැන්මේදීම එකවර 30ක්වත් ගන්න ඕන. ඔබේ දරුවා දිනකට දෙතුන් තුන් වතාවක් එයාගේ නැපි තෙත් කරගන්න පුළුවන් නිසා ඒවා සේදීමට යනකොට අමතර දේවල් කිහිපයක් ද අවශ්‍ය වෙනවා. ඒ වගේම ඔබට නැපි ලයිනර්ස්, නැපි පින් මෙන්ම waterproof pants කිහිපයක්ද අවශ්‍ය වෙනවා. විෂබීජහරණය කරන පවුඩර් හෝ දියර ළඟ තබා ගන්නත් අමතක කරන්න එපා.

 

දැන් අපි ඔබේ දරුවාට අවශ්‍ය සියලුම වැසිකිලි ද්‍රව්‍ය හා උපාංග ලැයිස්තුවක් සකස් කරමු

ඇඳුම්

 

  • නැපීස් වෙනස් කිරීම පහසු කිරීම සඳහා කකුල් වල බොත්තම් සහිත දිගු ඇඳුම් කට්ටල 5 ක්.
  • රාත්‍රී ඇඳුම් කට්ටල 5 ක්.
  • බැනියම් 5 ක්.
  • මේස් යුගල 4 ක් හෝ ළදරු බූට් සපත්තු.
  • බිබ් 8 ක්.
  • bonnets හිස්වැසුන් කිහිපයක්.
  • මෘදු ශෝල් එකක් හෝ බ්ලැන්කට්ටුවක්.
  • ඔබ සීතල රටක ඉන්න කෙනෙක් නම් මීට අමතරව,
  • ග්ලවුස් කිහිපයක් 
  • ශීත ඍතුව සඳහා woolens, cardigans හෝ ස්වෙටර්ස් 2 ක්.

 

ඩයපර් සහ උපාංග

 

  • නැපි වැඩි ප්‍රමාණයක් – සේදිය හැකි හෝ ඉවත දැමිය හැකි.
  • කපු පුළුන් රෝල් එකක්.
  • බේබි ලෝශන් එකක් – විශේෂයෙන් ඔබ පිටතට යනකොට බබාව පිරිසිදු කිරීමට ඔබට උදව් කිරීමට.
  • නැපි රෑෂ් ක්‍රීම් එකක් – පෙට්‍රෝලියම් ජෙලි, සින්ක් හෝ එඬරු තෙල් ක්‍රීම් ද හොඳයි.
  • ස්නානය සඳහා ඇඳුම් ආයිත්තම් හා උපාංග
  • ළදරු සබන් හෝ දියර.
  • ස්පොන්ජියක්.
  • මෘදු තුවා කිහිපයක් හෝ නැවුම්, පිරිසිදු හා මෘදු face cloths.
  • පළමු මාස හය ආවරණය කිරීම සඳහා ළදරු දත් බුරුසු තුනක කට්ටලයක්.
  • මෘදු දිව පිරිසිදු කරන්නක්.
  • මෘදු හිසකෙස් බුරුසුවක්. ඒක දරුවාගේ හිස්කබල මත අතිශයින් මෘදු විය යුතුයි.
  • මොට කෙළවරක් සහිත ළදරු නියපොතු කපනයක්.

 

දැන් ඔබ අවශ්‍ය සියල්ලම ඔබේ දරුවා සඳහා සූදානම් කරලායි තියෙන්නේ. මේ සේරටම අමතරව මුදු මොළොක් ආදරණීය සත්කාරත් දරුවට ගොඩාක් ඕන.