දරුවන් ක්‍රමයෙන් වර්ධනය වන විට ඔවුන් බාහිර ලෝකය පිළිබඳව දැඩි කුතුහලයකින් පසුවෙනවා. එමනිසා ඔවුන් වයසින් වැඩෙත්ම නින්ද අඩු කිරීමටයි ඔවුන් උත්සාහ කරන්නේ. නමුත් දෙමවුපියන් ලෙස ඔබට අවශ්‍ය ඔබගේ දරුවා සුව නින්දක් ලබාගැනීමයි. මන්ද එය ඔබටත් යම් විවේකයක් ලබාදෙන නිසා.. දිවා කාලයේ කුඩා දරුවන් බෙහෙවින් ක්‍රියාශීලියි.. එමනිසා ඔවුන් ලබාගන්නා කෙටි නින්ද මගින් ඔබේ සිඟිති දරුවාට අවශ්‍ය ශක්තිය නැවත ලබාදීම සිදුවෙනවා. ඒ වගේම දරුවා ක්‍රමයෙන් වැඩෙත්ම දිවා කාලයේ ලබාගන්නා නින්ද අඩුකරන අතර රාත්‍රීයේ සම්පූර්ණ නින්දක් ලබාගැනීමට පෙළඹෙනවා..
ඔබගෙ සිඟිති දරුවා දිවා කාලයේ ලබාගන්නා කෙටි නින්ද නතර කරනා සමයේදී මවක ලෙස ඔබ දැනුවත් විට යුතු කාරණා මොනවාදැයි ගැටළුවක් ඔබට ඇති.. එසේනම් දරුවා දිවාකාලයේ ලබාගන්නා නින්ද නතර කිරීමත් සමග ඔබට අපේක්ශා කල හැකි දෑ මෙන්න..
ළමයින් කෙටි නින්ද නතර කරන්නේ කවදාද?
සෑම දරුවකුම එකම වයස් සීමාවකදී කෙටි නින්ද නතර කරන්නේ නැහැ. එය එක් එක් දරුවාගෙන් දරුවාට වෙනස් වෙනවා. ඇත්ත වශයෙන්ම එය රඳා පවතින්නේ දරුවා රාත්‍රී කාලයේ කොපමණ වේලාවක් නිදා ගන්නවාද සහ දරුවා දිවා කාලයේ කොපමණ ක්‍රියාශීලිද යන කාරණා මතයි. ඒ වගේම බොහෝ දරුවන් පෙර පාසල් යන කාල සීමාව වන තෙක් මෙම කෙටි නින්ද ලබාගැනීමට හුරුව සිටිනවා. සාමාන්‍යයෙන් වයස අවුරුදු 4 වන විට දරුවන්ගෙන් සියයට 50 ක් පමණ සහ වයස අවුරුදු 5 වන විට දරුවන් සියයට 30 ක් පමණ කෙටි නින්ද සඳහා හුරුවී සිටිනවා. බොහෝ කුඩා දරුවන්ට දිනකට පැය 12ක පමණ කාලයක නින්දක් අවශ්‍ය වෙනවා. ඒ වගේම බොහෝ කුඩා දරුවන් වයස මාස 18ක් පමණ වන විට කෙටි නින්ද වෙනුවට දිනකට එක් නින්දක් ලබාගැනීමට හුරු වෙනවා.
දරුවා කෙටි නින්ද නැවැත්වීමට සූදානම් වන බව දැනගත හැකි සංඥා
දරුවන් ක්‍රමයෙන් වර්ධනය වෙන විට දිවා කාලයේ නිදා ගැනිම ප්‍රතික්ශේප කරන අතර එය ඔවුන්ට දැඩි හිරිහැරයක් සේ හැසිරෙනවා. එමනිසා ඔබ එය දරුවා දිවාකාලයේ නින්ද නැවැත්වීමට සූදානම් යැයි සිතනවා. නමුත් දරුවාට එම කෙටි නින්ද අවශ්‍ය වෙනවාදැයි යන්න ඔබට දරුවාගේ හැසිරීමෙන් නිගමනය කිරීමට පුළුවන්. විශේෂයෙන් දරුවා තුළ පහත ලක්ශණ දැකිය හැකිනම් එය දරුවාට තවමත් කෙටි නින්දක් අවශ්‍ය බවට වන සංඥා ලෙස සැලකීමට පුලුවන්..
– දරුවා කෙටි නින්දක් ලබාගැනීම සඳහා හුරු වූ වේලාවට නිදාගැනීම සිදු කරයි නම් ඉන් අදහස් වන්නේ දරුවාට විවේකයක් අවශ්‍ය බවයි..
– දරුවා කෝපයෙන්, අධි ක්‍රියාශීලි බවින් හෝ අලස ස්වභාවයකින් සිටිනවා නම් විශේෂයෙන් සවස් කාලයේ මෙම හැසිරීම් රටා පෙන්වනවා නම් ඉන් පෙනී යන්නේ දරුවාට තවමත් නින්දක් අවශ්‍ය බවයි.
** නමුත් දරුවා දිවා කාලයේ නිදිමත ස්වභාවයක් නොමැතිව ක්‍රියාශීලීබ සිටිනවා නම් ඉන් ප්‍රකාශ වන්නේ දරුවාට තවදුරටත් කෙටි නින්ද අවශ්‍ය නොවනා බවයි.
කෙටි නින්ද අත්හරිනා ආකාරය
දරුවා නිදා ගන්නා කාල සිමාව අඩුවීම එකවර සිදුවන්නක් නොවේ. එය කාල සීමාවක් පුරා ක්‍රම ක්‍රමයෙන් සිදුවන්නක්.. මුලින් දරුවා කෙටි නින්ද අත් හරින අතර ක්‍රමයෙන් රාත්‍රීයේ නිදාගන්නා පැය ගණන අඩු කිරීම සිදුවෙනවා. දහවල් කාලයේ කෙටි නින්දක් අවශ්‍ය නොවන දරුවා රාත්‍රී කාලයේ ඉක්මනින් දීර්ඝ සහ ගැඹුරු නින්දකට අවතීර්ණ වෙනවා දැකීමට පුළුවන්.
– දරුවාගෙ කෙටි නින්ද මග හැරීමට දිවා කාලයේ දරුවා ක්‍රියාශීලිව තබාගැනීම, දිවා ආහාරය සඳහා එළවලු සහ නැවුම් පළතුරු අඩංගු සැහැල්ලු දිවා ආහාරයක් ලබාදීම වැනි පියවරයන් ඔබට අනුගමනය කිරීමට පුළුවන්.
**ඒ වගේම කෙටි නින්දක් ලබා නොගන්නා දරුවන්ට රාත්‍රී කාලයේ වැඩි නින්දක් ලබාගැනීමට අවශ්‍ය වෙන බව මතක තබා ගැනීම වැදගත් වෙනවා. ඒ වගේම දරුවාට රාත්‍රියේ කලින් නින්දට යාමට අවශ්‍ය වීම හෝ උදෑසන ප්‍රමාද වී අවදි වීම වැනි දෑ සඳහා මුහුණ දීමට සිදුවෙනවා.
කෙටි විවේකයකින් දරුවාට ලැබෙනා ප්‍රයෝජන
කෙටි විවේක කාලයක් දරුවාගේ ශරීරයට සහ මනසට විවේක ගැනීමට සහ නැවත ආරෝපණය වීමට අවශ්‍ය ශක්තිය ලබාදෙනවා. එමනිසා දරුවා නිදා නොගත්තත් නිශ්ශබ්දව තම යහන මත වැතිර සිටීමට ඉඩ ලබාදීම වැනි දැ මගින් දරුවාට අවශ්‍ය විවේකය ලබාදීමට ඔබට පුළුවන්.
වෛද්‍ය උපදෙස් ලබාගැනීම අවශ්‍ය වන්නේ කුමන අවස්ථාවේදීද?
දරුවා ක්‍රමයෙන් වැඩෙන විට කෙටි නින්ද සහ නිදාගන්නා කාල සීමාවේ වෙනස් කම් සිදුවුවත් ඔබේ දරුවාට දහවල් කාලයේ නින්ද අවශ්‍ය වෙනවා නම් ඒ ඇයි දැයි ගැටළුවක් ඔබටත් ඇතිවන්න පුළුවන්.. එයට හේතුව බොහෝ විට දරුවා උදෑසන අවදි වීම හෝ ප්‍රමාදවී නින්දට යාම වීමට පුළුවන්. එසේ නොවන පහත හේතූන්ද එයට බලපෑ හැකි බැවින් වෛද්‍ය උපදෙස් ලබාගැනීම වඩාත් සුදුසු වෙනවා.
– ආහාර වේල් හා සම්බන්ධ ගැටළු
– ක්‍රියාශීලි නොවීම
– නින්ද හා සම්බන්ධ ගැටළුවක්
– යම් රෝගයක් නිසා ඇතිවිය හැකි තෙහෙට්ටුව
දරුවාට කෙටි නින්දක් ලබාගැනීමට ඔබට උපකාරි විය හැකි ක්‍රම
– නින්දට විනාඩි 15 – 30ක පමණ සිට ඒ සඳහා අවශ්‍ය පරිසරය සැකසීම
– උණුසුම් ජලයෙන් දරුවා සෝදන්න
– බාහිර පරිසරයේ ශබ්ද ආදීය නොඇසෙන සේ පවත්වා ගැනීම
– දරුවාට නිදිමතක් තිබේදැයි අවධානයෙන් සිට නින්දට යොමු කිරීම
– දරුවා රාත්‍රියේ නිදාගන්නා වේලාව සහ උදෑසන අවදිවන වේලාව පිළිබඳව අවධානයෙන් සිටීම. විශේෂයෙන් දරුවා ප්‍රමාණවත් තරම් සුව නින්දක් නොලැබුවේ නම් දහවල් කාලයේ කෙටි නින්ද ලබාගන්නා වේලාව වන විට අධික වෙහෙසකින් සිටිනවා විය හැකියි.
– සෞඛ්‍ය සම්පන්න, සමබර දිවා ආහාරයක් ලබාදෙන්න. කුසගින්න ද නින්ද කෙරෙහි බලපෑම් එල්ල කරනු ලබනවා.
– සීනි සහිත ආහාර සීමා කරන්න
දරුවා දහවල් කාලයේ නින්දට යොමුකිරීම ඔබට සහ දරුවාට අවශ්‍ය නම් එය නැවතත් හුරු කරගැනීමට පුලුවන්. නමුත් ක්‍රමයෙන් දරුවා වැඩෙන විට කෙටි නින්ද අඩුකිරීම සාමාන්‍ය තත්ත්වයක් බව ඔබ දැන් දන්නවා ඇති.. වඩාත් වැදගත් වන්නේ දරුවා රාත්‍රීයේ ප්‍රමාණවත් තරම් සුව නින්දක් ලබාගැනීමයි. එය දරුවාගේ ශාරිරික සහ මානසික ක්‍රියාකාරකම් කෙරෙහි බලපාන බැවින් දෙමවුපියන් ලෙස දරුවාගේ නින්දේ ගුණාත්මකභාවය පිළිබඳ අවධානය යොමු කිරීම වැදගත් වෙනවා..