කුස තුළ සිටින දරුවා පහතට හැරෙන්නේ කවදාද?

ඔබ ගර්භණී කාන්තාවක් නම් දරු ප්රසුතියට ශරීරය සූදානම් වනවිට දරුවා ශ්‍රෝණිය තුළට ඇතුල්වීම සිදුවනවා. උපත සිදුවීම සඳහා උපත් නාලය දිගේ ගමන් කිරීමට හැකි ආකාරයට නිසි පරිදි ස්ථාපිත වීම සිදුවිය යුතුයි. ගර්භණී සමයේ අවසාන කාල සීමාවේදි මෙම ක්රියාවලිය සිදුවන අතර දරු උපත සිදුවන දිනය ගැන නිශ්චිත අනාවැකි පළකිරීම කළ නොහැකි වුවත් මෙසේ දරුවා පහතට හැරීම නැතහොත් ශ්රෝණියට ඇතුල් වීම සිදුවීමෙන් දරු ප්රසූතියට ඉතාමත් ආසන්න වී ඇති බව සනාථ වනවා

ගර්භණී සමයේ සති 34 ත් 36ත් අතර කාලසීමාවේදි මෙසේ දරුවා පහතට හැරීම නැතිනම් ශ්‍රෝණියට වැටීම සිදුවන අතර ඇතැම් කාන්තාවන්ට ප්රසූතිය ආරම්භ වීමට පැය කිහිපයකට පමණ පෙරදීත් මෙය සිදුවීමට හැකියි. මෙය බොහෝ විට පළමු ගැබ් ගැනීමේදි බහුලව සිදුවනවා. ඔබටත් දරුවා පහතට හැරී නැතිනම් හෝ හැරී නැති බව දැනෙනවා නම් වෛද්යවරයා හමුවී බව තහවුරු කරගත හැකියි

 

දරුවා පහතට හැරීම දරු ප්රසුතියට බලපානු ලබන්නේ කෙසේද?

ගර්භණී සමය තුළ දරුවන් විවිධ ඉරියව් තුළින් ගර්භාෂය තුළ සිටින අතර ප්රසූතිය ආසන්න වනවිට ඔවුන්ගේ හිස පහළට සිටින සේ ශ්‍රෝණියට ඇතුල් වීම සිදුවනවා. දරුවාගේ චලනයන් සැලකිල්ලට ගෙන දරුවාගේ හිස පිහිටන ස්ථාන  -3 to +3 පරාසයකට ඇතුල් කරනවා

 

-3 උපරිම ස්ථානය ලෙස සලකන අතර එහිදි දරුවාගේ හිස ශ්රෝණියට ඉහළින් ඇති බවත් දරුවා ශ්රෝණියට ඇතුලත් වී නොමැති ලෙසටත් සලකනවා

+3 යන අගයෙන් දරුවා උපත් නාලය තුළට නිසි පරිදි ඇතුලත් වී ඇති බව පැවසෙනවා

-0 යන අගයෙන් පැවසෙන්නේ දරුවා මුළුමනින්ම උපත් නාලය දෙසට හිස පහතට සිටින සේ හැරී ඇති බවයි

 

ගර්භණී සමයේදි දරුවා පහතට හැරී ඇතිබවට පැවසෙන සංඥා මොනවාද?

  • ඔබගේ කුස වෙනදාට වඩා පහතට වී එල්ලා වැටෙන ස්වරූපයක් දැකිය හැකිවීම
  • පෙරට වඩා හුස්ම ගැනීමට පහසු වීම
  • ශ්‍රෝණිය ආශ්රිතව පීඩනයක් සහ වේදනාවක් දැනීම
  • යෝනියෙන් ශ්රාවයක් පිටවීම
  • නිතර නිතර මුත්රා කිරීමට අවශ් වීම
  • කොඳු ඇටපෙළ ආශ්රිත වේදනාව
  • ආහාර රුචිය වැඩිවීම

නිරන්තරව වේදනාකාරි බවක් තිබේ නම් හෝ යෝනි මාර්ගය ඔස්සේ තරලයක් හෝ රුධිරය පිටවීමක් සිදුවේ නම් හෝ දරුවාගේ චලනයන් නොදැනේ නම් වහාම වෛද්යවරයා හමුවිය යුතු වනවා. ප්රසූතියට ආසන්න වී තිබියදීත් දරුවා පහතට හැරී නොමැතිනම් පහත පියවර අනුගමනය කිරීමට ඔබට හැකියි

 

දරුවා පහතට හැරීම පහසුවීමට ගතහැකි සරල පියවර

ගැබ්ගෙල විවර වීම පහසු කරවන සරල ව්යායාමයන්හි නිරතවන්නනමුත් ශරීරය අධික ලෙස වෙහෙසීමෙන් වැළකිය යුතුයි

කකුල් එක මත එක දමා වාඩිවීමෙන් වළකින්න. දණිහිස් ඉදිරියට යොමුවන සේ වාඩිවීමෙන් දරුවාට පහසුවෙන් ශ්‍රෝණිය තුළට ඇතුල් විය හැකියි

ව්යායාම් බෝලයක් නැතිනම් birthing ball භාවිතා කිරීම දරුවාට ශ්‍රෝණියට ඇතුල්වීම පහසු කරනවා මෙන්ම වේදනාවද සමනය කරයි

බඩ ඉහළට යොමුවන සේ පිහිනීම හෝ පාවීම

දිගුවේලාවක් වාඩිවි සිටිනවා නම් විටින් විට විවේක ගැනීම හෝ මදවේලාවක් ඇවිදීම

ඔබට අවශ් නම් සුදුසු ව්යායාම සම්බන්ධයෙන් කශේරු හෝ සන්ධි ආශ්රිත චිකිත්සකවරයකුගෙන් (chiropractor) උපදෙස් ලබා ගැනීමටද හැකියි.  

 

දරුවා පහතට හැරුණු විට ඔබ කුමක් කළ යුතුද?

දරුවා පහතට හැරුණු බව ඔබට දැනෙන්නේ නම් ඔබගේ වෛද්යවරයා හමුවී උපදෙස් ලබාගත යුතුයි. සති 30 පෙර දරුවා ශ්රෝණියට ඇතුලු වී ඇති විට නොමේරු දරු උපත් සඳහා අවදානමක් ඇතිකරන බැවින් ඉක්මන් වෛද් ප්‍රතිකාර කරා යොමුවිය යුතු වනවා. නිසි සති ගණන සම්පූර්ණ වී ඇති අවස්ථාවලදී වෛද්යවරයා විසින් ප්රසූතිය සඳහා දින නියම කරනු ලබන අතර ආසන්න දිනයන් ඔබ වෙත ලබාදීම සිදුකරාවි. එතෙක් යහපත් මානසික තත්ත්වයකින් යුතුව සතුටින් කාලය ගත කරන්න