දරුවන්ට ආහාරයක් ලෙස බිත්තර ලබාදෙන්න සුදුසු වයස ගැන දන්නවද? 

බිත්තර කියන්නේ ශරීරයට හිතකර පෝෂ්‍ය පදාර්ථ වලින් සපිරි දෙමව්පියන්ට පිළියෙළ කිරීමට සහ ළමයින්ට කන්න පහසු ආහාරයක්. බිත්තර වල සැළකිය යුතු ප්‍රමාණ වලින් විටමින් D, E, K, විටමින් B 6 මෙන්ම කැල්සියම් හා සින්ක්ද අන්තර්ගත වෙනවා. නමුත් සැලකිල්ලට ගත යුතු කාරණය නම් බිත්තර වලින් ළමුන් තුළ ඇති ආහාර අසාත්මිකතාවන් ඇති කරන්න ඇති හැකියාවයි.

ආසාත්මිකතා ඇති විය හැකි ආහාර දරුවන්ට හැකි ඉක්මණින් හඳුන්වා දීම වඩාත් සුදුසුයි, මන්ද ආහාරයට එකතු කිරීමට ප්‍රමාද වීමෙන්, වයස මාස 6 යෙන් පසු ආසාත්මිකතාවන් ඇතිවීමේ හැකියාව වැඩි කරයි.

පැරණි අධ්‍යයනවලට අනුව වුවද, විශේෂඥයන් දෙමාපියන්ට උපදෙස් දුන්නේ වයස අවුරුදු 2 වන තෙක් ළමයින්ට බිත්තර හඳුන්වා දීමට බලා සිටින්න. අලුත් අධ්‍යයන වලට අනුව දරුවන්ට ඝණ ආහාර පටන් ගෙන හැපීමට හැකියාව ලැබුන අලුතම බිත්තර ලබාදීමේ කිසිදු ගැටළුවක් නැහැ. ඇත්තටම ඔයාගේ දරුවා ඝණ ආහාර ගැනීමට සූදානම් වූ පසු විවිධ ආහාර වර්ග හඳුන්වා දීමෙන් අනාගතයේ ආහාර අසාත්මිකතාවන් බොහොමයක් වළක්වා ගත හැකි බව විශ්වාස කරනවා.

යල්පැනගිය තවත් උපදෙසක් වූයේ කහ මදයෙහි අසාත්මිකතා නොමැති බැවින් බිත්තර කහ මදය පමණක් දරුවන්ට ලබා දීම සුදුසු බවයි. 

 

ඔයාගේ දරුවා බිත්තර කෑමට සූදානම් වන විට දැන ගන්නේ කොහොමද?

දරුවා ඝණ ආහාර අනුභව කිරීමට සූදානම් නම්, එය බිත්තර ද සුදුසුයි. ඔයාගේ දරුවා පුටුවක වාඩිවී හිස ඔසවා තබා ගත හැකි විට, ඝණ ආහාර දීමට කාලයයි.

 

ළමයින්ට නව ආහාර හඳුන්වා දීම

ඔයා වරකට එක් නව ආහාරයක් ඔයාගේ දරුවාට හඳුන්වා දිය යුතු අතර තවත් නව ආහාරයක් හඳුන්වා දීමට පෙර දින දෙක තුනක් බලා සිටින්න.

මෙම දින දෙක තුන තුළදී දරුවට අසාත්මිකතාවයක් ඇති වේ දැයි බලා සිටිය හැක. බොහෝ දෙමව්පියන් ධාන්‍ය වර්ග වලින් ආරම්භ කරයි, පළතුරු සහ එළවළු පියුරේ සහ බිත්තර ප්‍රෝටීන් ලබා දෙන්න.

 

දරුවාට බිත්තර දිය යුතු නිවැරදි ක්‍රමය 

බිත්තර ප්‍රෝටීන්, යකඩ හා කෝලීන් වලින් පරිපූර්ණ අතර එය දරුවාගේ ආහාර වේලට සෞඛ්‍ය සම්පන්න එකතු කිරීමක්. සැල්මොනෙල්ලා සහ වෙනත් ආහාර මගින් ඇතිවන රෝග වළක්වා ගැනීම සඳහා බිත්තර නිසි ලෙස පිසීමට වග බලා ගන්න. බිත්තරය හොඳින් තම්බා පසුව පොඩි කරන්න. පොඩි කළ බිත්තර වලට මව්කිරි හෝ ළදරු ෆෝමියුලා එකතු කරන්න පුළුවන්.

 

බිත්තර ආසාත්මිකතා ඇති කරයි 

දරුවන්ට බිත්තර හඳුන්වා දෙන විට, මෙම රෝග ලක්ෂණ සහ ප්‍රතික්‍රියා ඇත්දැයි සොයා බලන්න. බිත්තර ආහාරයට ගැනීමෙන් හෝ ස්පර්ශ කිරීමෙන් පසු කෙටි කාලයක් තුළ ප්‍රතික්‍රියා සිදු වෙනවා.

 

– ඉදිමීම, කුෂ්ඨ හා දද

– හුස්ම ගැනීමේ අපහසුතාව

– කිවිසුම් යාම සහ නාසය කැසීම 

– රතු පැහැති ඇස්

– වමනය, ඔක්කාරය, බඩේ කැක්කුම හෝ පාචනය

– Anaphylaxis තත්ත්වයක් (ඉතාමත්ම කලාතුරකින්)

 

සමහර උණට ලබාදෙන එන්නත් වල බිත්තර ද අඩංගු වෙනවා. ඔයාට අසාත්මිකතාවන් පිළිබඳ පවුල් ඉතිහාසයක් ඇත්නම් ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා සමඟ කතා කරන්න.