Search here...
TOP
එදිනෙදා ජීවිත​ය

දරුවාට නිදා ගැනීම පුහුණු කිරීම ලබාදීමට වඩාත් සුදූසු කුමන වයසේදීද?

දරුවන්ගේ වර්ධනයට නින්ද ඉතා වැදගත් සාධකයක්. විශේෂයෙන් බිළිඳු දරුවන්ගේ වර්ධනය සිදුවන්නේ නින්දේදි නිසා දරුවා දිනකට ප්‍රමාණවත් වේලාවක් නිදා ගන්නවාදැයි අවධානය යොමු කල යුතු වෙනවා. දරුවා ප්‍රමාණවත් වේලාවක් නිදා නොගන්නේ නම් දරුවා සුව නින්දක් ලබාගැනීම සඳහා පුහුණු කල යුතු වෙනවා. නමුත් දරුවාට නින්ද ලබාගැනිම පුහුණු කිරීමට පෙර දරුවා එයට සූදානම් දැයි අවධානය යොමුකල යුතු වෙනවා..

දරුවාට නිදා ගැනීම පුහුණු කිරීම ආරම්භ කළ යුත්තේ කවදාද?

දරුවාට නිදාගැනීම පුහුණු කිරීම සඳහා සම්මත වයස් ඛාණ්ඩයක් නැහැ. එය ඔබට දරුවා රෝහලේ සිට නිවසට රැගෙන ආ මොහොතේ සිට සිදුකිරීමට වුවත් පුලුවන්. නමුත් සාමාන්‍යයෙන් වෛද්‍යවරුන් යෝජනා කරන්නේ දරුවාට නිදි පුහුණුව ඇරඹීම සඳහා මාස 4 සිට 6 දක්වා කාල සීමාව වඩාත් සුදුසු බවයි. ඒ වගේම නිදි පුහුණුව කිරීමේදි දරුවාගේ පෝෂණය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමත් වැදගත් වෙනවා.

කුඩා දරුවාට නින්ද පුහුණු කිරීමට කොපමන කාලයක් ගත වෙනවාද?

දරුවා සුව නින්දක් ලබාගැනීම සඳහා හුරුවන කාලය එක් එක් දරුවාට වෙනස් වෙන අතර ඒ සඳහා පහත ක්‍රමයන්ද බලපානවා.
– ඔබ තෝරාගන්නා ක්‍රමය
– දරුවාගෙ වයස
– නිදි පුහුණුවෙන් ඔබ අපේක්ෂා කරනා ඉළක්ක
– දරුවාගේ ශාරිරික වෙනස්කම්

වැදගත් : දරුවාට නිදි පුහුණුවක් ලබාදීම යනු දරුවා සම්පූර්ණ රාත්‍රිය පුරා නිදා ගැනීම නොවේ. දරුවා කුසගිනි වූ විට අවදි විය හැකියි. නමුත් නිදි පුහුණුව ලැබූ දරුවකු හට එසේ අවධි වූ පසු කිරි දුන් පසු මවගේ උපකාරයක් නොමැතිවම නැවතත් නින්දට යා හැකිවෙනවා.

දරුවාට ක්‍රමවත් නිදි පුහුණුවක් ලබාදීමට ඔබට භාවිතා කළ හැකි ක්‍රමයන්

1. Cry it out ක්‍රමය

දරුවා නිදිමත වූ විට තොටිල්ල මත තබා තනිව නිදාගැනීමට ඉඩ හැරීම. බොහෝ විට දරුවා මද වේලාවක් හඩා සන්සුන් වී නින්දට වැටෙනු ඇතැයි මෙම ක්‍රමයේ අපේක්ෂාවයි. දරුවා දිගින් දිගටම හඬන විට මදක් දොරෙන් ඔලුව දමා දරුවා සමග කතා කිරීම වැනි ක්‍රමයක් මගින් දරුවා සන්සුන් කල හැකියි.

2. Ferber ක්‍රමය

නිදිමත වී නමුත් අවධියෙන් සිටින දරුවා ඇඳෙහි තබා මව හො පියා කාමරයෙන් පිටතට යා යුතු වෙන අතර දරුවා හඬනවා නම් විටින් විට විනාඩි 3 , 5 සහ 10ක පමණ කාල පරාසයකින් දරුවා වෙත ගොස් පරික්ෂා කලා යුතු වෙනවා. ඒ වගේම එසේ පරීක්ෂා කිරීමේ අරමුණ හැඬීම නැවැත්වීමට වඩා වැඩිහිටියෙකු ළඟ සිටින බවට වන සහතිකය දරුවාට ලබාදීමයි.

3. Controlled crying හෙවත් හැඬීම පාලනය කිරීමේ ක්‍රමය

Ferber ක්‍රමය මෙන්ම මෙම ක්‍රමය තුලත් ඔබ නිදිමත වූ දරුවා ඇදෙන් තබා පිටතට යා යුතුයි. නමුත් දරුවා හඬනවා නම් එය පාලනය සඳහා නැවත පැමිණ බැලිය යුතු වෙනවා. ඒ වගේම මෙම ක්‍රමයේ අරමුණ දරුවා හැඬීමෙන් වළක්වා ගැනීමයි.

4. Pick up, put down ක්‍රමය

මෙය මාස 4ක් පමණ වයසේ බිළිඳුන් නැළවීම සඳහා උචිත ක්‍රමයක් වෙන අතර දරුවා නිදිමත වී හඬන විට දරුවා වඩාගෙන සන්සුන් වූ පසු නැවතත් ඇදෙන් හෝ තොටිල්ලෙන් තැබිම මෙම ක්‍රමයෙන් පැවසෙනවා. නමුත් මෙම ක්‍රමය සුදුසු වන්නේ ඔබත් දරුවාත් යන දෙදෙනාම වෙහෙස වී සිටින විට නොවේ. මෙම ක්‍රමය ඔබ තෝරා ගන්නවා නම් ඔබ සැහැල්ලු මනසකින් සිටීම වැදගත් වෙනවා.

නිදාගැනීමට හුරු කරවීම වඩාත් සාර්ථක වන්නේ බිළිදු දරුවන් සඳහාද නැතිනම් මදක් වයසින් වැඩුන කුඩා දරුවන්ටද?

බිළිඳු දරුවන් : ඇතැම් බිළිඳු දරුවන් රාත්‍රී කාලය පුරා නිදා ගන්නවා. නමුත් ඇතැම් දරුවන් රාත්‍රියේ දුර්වල නින්දක් ලබා ගන්නවා. එම නිසා නිදි පුහුණුව බිළිඳු වියේදීම ඇරඹීම ඉතාමත් සුදුසු වෙනවා.

කුඩා දරුවන් : මෙහිදී දරුවාගේ වයස සහ හැසිරීම් රටාව අධ්‍යනය කර සුදුසු ක්‍රමයන් කිහිපයකින් වඩාත් සුදුසු ක්‍රමය තෝරා ගැනීම කළ යුතු වෙනවා.

ඔබත් කුඩා දරුවකු සිටින මවක් නම් ඔබේ දරුවාට නිදා ගැනීම පුහුණු කරවීම වැදගත් වෙනවා. නමුත් ඊට පෙර ඔබ දරුවාගේ වර්තමාන දෛනික චර්යාව පිළිබඳ අවබෝධ‍යක් ලබාගෙන සිටිම වැදගත්. ඒ වගේම වඩාත් සුදුසු ක්‍රමයන් පිළිබඳව වෛද්‍ය උපදෙස් ලබාගැනීමත් කිරීමට පුළුවන්. නමුත් එක් එක් දරුවා හට ගැලපෙන ක්‍රම වේදයන් විවිධ විය හැකි බැවින් ඒ පිළිබඳවත් අවබෝධයෙන් සිටීම වැදගත් බවයි Baby & Me අපගේ අදහස නම්..

TAGS:, ,

«

»