ගැබ්ගෙල පුළුල් වීම – දරු ප්‍රසූතියට එය අවශ්‍ය වන්නේ ඇයි ?

ඔබ ස්වාභාවික දරු උපතක් අපේක්ෂා කරනවා නම් හෝ ස්වභාවික උපත් විකල්පයන් සොයන්නේ නම්, ගැබ්ගෙල පුළුල්වීම වැදගත් සාධකයක් බවට පත් වෙනවා. බොහෝ අවස්ථාවන්හීදී ගැබ්ගෙල පුළුල් වීම හෝ සිහින් වීම ස්වභාවිකව සිදු වන අතර නියමිත දිනට සති කිහිපයකට පෙර පවා ඒක ආරම්භ වෙන්න පුළුවන්. කෙසේ වෙතත් සමහර අවස්ථාවල මෙය ප්‍රසූතියට පෙර සිදු වෙන්න පුළුවන්. නැත්නම් වෛද්‍යමය මැදිහත් වීමක් අවශ්‍ය වෙන්න පුළුවන්. දරු ප්‍රසූතියට ගැබ්ගෙල පුළුල් වීම ඒ තරම් වැදගත් වෙන්නේ ඇයිද යන්න සහ ඒ ආශ්‍රිත වෙනත් කරුණු මෙම ලිපියෙන් සොයා බලමු.

 

ගැබ්ගෙල පුළුල් වීම කියන්නේ කුමක්ද සහ එය අත්‍යවශ්‍ය වන්නේ ඇයි?

ගර්භණී සමයේදී ඔබේ ගැබ්ගෙල වැසිලායි තියෙන්නේ. ඔබ නියමිත දිනට ආසන්න වන විට ඔබේ ගැබ් ගෙල වෙනස්කම් වලට භාජනය වන අතර, දරු ප්‍රසූතියට සූදානම් වීම සඳහා එය මෘදු වීමට හා සිහින් වීමට පටන් ගන්නවා. මෙය Cervix Ripening ලෙස හැඳින්වෙනවා.

මෙම ක්‍රියාවලිය ස්වාභාවිකවම සිදු නොවන අවස්ථාවල දී, එම ක්‍රියා පටිපාටිය සඳහා වෛද්‍යමය මැදිහත් වීමක් අවශ්‍ය වෙන්න පුළුවන්. මෙය දරුවාගේ සහ මවගේ යහපතට හේතු වන බව ඔබේ වෛද්‍යවරයාට හැඟෙනවා නම් ඒක සිද්ධ කරනවා. මේක සාමාන්‍යයෙන් සිද්ධ කරන්නේ ඔබට හෝ ඔබේ දරුවාට යම් සෞඛ්‍ය ගැටලු ඇති විට හෝ ඔබේ ප්‍රසූතිය සතියකට වඩා ප්‍රමාද වූ විටයි.

ගැබ්ගෙල මෘදු වීම සඳහා වූ ක්‍රියා පටිපාටිය සිදු වෙනකොට එය ඔබට වෛද්‍ය මැදිහත් වීමකි තොරව ස්වාභාවික ප්‍රසූතියකට පිවිසීමට පමණක් නෙමෙයි සමහර විට එය ප්‍රසූතියට ගත වෙන කාල සීමාව ද කෙටි කරන්න පුළුවන්.

 

නිවසේදී ගැබ්ගෙල පුළුල් වීම ධෛර්යමත් කරන්න පුළුවන්ද?

නිවසේදී ගැබ්ගෙල මෘදු කිරීම සඳහා ඵලදායී ක්‍රම කිහිපයක් මෙන්න:

 

  1. Birthing Ball

 

බර්තින් බෝලයක් මත වාඩිවී ඔබේ ඉණ කැරකවීම, බෝලය මත වාඩිවී සෙමෙන් ඒ මත උඩපැනීම, හෝ පැද්දීම ගැබ්ගෙල විවර කිරීමට පමණක් නෙමෙයි ගැබ්ගෙල විස්තාරණය වීමටද උපකාරී වෙනවා.

 

  1. ශරීරයේ පෙලගැස්ම මත වැඩ කිරීම

 

ගර්භණී කාන්තාවන් තමන්ගේ උදරය වැඩෙනකොට ඔවුන්ගේ ඉරියව් වෙනස් කිරීමට නැඹුරු වෙනවා. ඔබේ වළලුකර මත බර තබා ගැනීම, වාඩි වී සිටියදී නැමී නොසිටීම හෝ වාඩිවී සිටින විට උරහිස් එල්ලා වැටෙන සේ නොසිටීම ගැබ්ගෙල විවෘත කිරීමට බෙහෙවින් ඉවහල් වෙනවා.

 

  1. ඔබේ පාද සමාන්තරව තබා ගැනීම

 

බොහෝ ගර්භණී කාන්තාවන් කකුල් දෙක ඈත් කරන් සිටියත්, සිටගෙන සිටියදී ඔබේ ඇඟිලි සමාන්තරව තබා ගැනීමෙන් ඒක ඔබේ උකුල් අස්ථි ඈත් කිරීමට උපකාරී වන අතර එමඟින් ඔබේ ගැබ්ගෙල ද විවෘත වෙනවා.

 

  1. ඇවිදීම

 

ඔබේ ගැබ්ගෙල විවෘත කිරීමේදී ගුරුත්වාකර්ෂණයට එහි කාර්යය කිරීමට ඉඩ දීම සඳහා ඇවිදීම කියන්නේ හොඳ ක්‍රමයක්! එය විශිෂ්ට ව්‍යායාමයක් වන අතර, එය ඔබේ දරුවාව ගැබ්ගෙල හරහා මෘදු ලෙස පහළට ගෙනයාමට උපකාරී වන අතර, ගැබ් ගෙල පුළුල් වීමටද උදව් වෙනවා. 

 

  1. ලිංගිකව හැසිරීම

 

ලිංගිකව හැසිරීම ඔබේ ගැබ්ගෙල පුළුල් වීමට ද උපකාරී වෙනවා. ශුක්‍ර තරලයේ ඇති ප්‍රොස්ටැග්ලැන්ඩින් ගැබ්ගෙල මෘදු කරනවා වගේම ලිංගිකව එක්වීමේදී සුරතාන්තය අත්විඳීම ද තවදුරටත් ප්‍රසූත වේදනා ඇති කිරීමට හේතු වෙනවා.

 

ප්‍රසූතිය සඳහා ගැබ්ගෙල පුළුල් වීමට අපි මේ ඔබට කිව්වේ ස්වාභාවික ක්‍රම කිහිපයක් පමණයි. කෙසේ වෙතත් මෙම ක්‍රම ඔබ අත්හදා බලන්න කලින් අනිවාර්‍යෙන්ම ඔබේ වෛද්‍යවරයාගේ උපදෙස් අරගෙන ඉන්න!