දරුවන් තුල ඇති වැරදි හැසිරීම් රටා පාලනය කරගන්නේ කෙසේද?

ඔබත් කුඩා දරුවකු සිටින මවක් නම් ඇතැම් විට දරුවාගෙ වැරදි ආකාරයේ හැසිරීම් නිසා පීඩාවට හෝ අපහසුතාවයට පත්ව ඇති. නමුත් මෙය ඔබට පමණක් පොදු ගැටළුවක් නෙවෙයි. එය සෑම දෙමවුපියකුටම පොදු තත්ත්වයක්. දරුවා එසේ හැසිරීමට බලපාන හේතූන් තිබෙන අතර බොහෝමයක් දෙමවුපියන් එය වටහා ගන්නේ නැහැ. නමුත් දරුවන්ගේ වැරදි හැසිරීම් වලට හේතු ඔබ දන්නේ නම්, ඔබට වඩාත් පහසුවෙන් දරුවාගේ වැරදි හැසිරීම් පාලනය කිරීමට හැකි වෙනවා. 

දරුවාගේ වැරදි හැසිරීමට බැණ වැදීම හෝ දඩුවම් ලබාදීමට වඩා දරුවා එසේ හැසිරීමට බලපාන හේතූ ගැන සොයා බැලීම ඉතා වැදගත්

 

දරුවන් තුළ වැරදි හැසිරීම් ඇතිවීමට බලපාන හේතූන් 7ක්

 

අවධානය ලබාගැනීම

 

දරුවන් ඔවුන් වෙත ඔබගේ අවධානය යොමු නොවන විට එය ලබාගැනීමවැරදි හැසිරීම් වලට පෙළඹෙනවා. සාමාන්යයෙන් දෙමාපියන් ඔවුන් සමඟ කතා නොකරන විට ඔවුන් මව හෝ පියා අකමැති ආකාරයේ හැසිරීමක් ප්රදර්ශනය කරනවා. ඒ නිසා දරුවන් හොඳින් හැසිරෙන විට ඔබගේ නිසි අවධානය ඔවුන් වෙත ලබාදීමෙන් ඔවුන්ගෙ වැරදි හැසිරීම් වලට පෙළඹීමෙන් වැළැක්විය හැකියි

 

ආත්ම විශ්වාසය අඩුවීම

 

දරුවාට තමා ගැන විශ්වාසයක් නොමැති විට ඔවුන් වැරදි කිරීමපෙළඹීමක් ඇතිකරනවා. ඒ නිසා දෙමවුපියන් ලෙස දරුවා කුඩාකල සිටම දරුවාගේ ආත්ම විශ්වාසය වර්ධනය වන ආකාරයට හැසිරීමට දිරි ලබාදීම වැදගත්

 

බලය

දරුවාට තමාගේ බලය සහ අන් අය පාලනය කළ හැකි බව පෙන්වීමඇතැම් අවස්ථාවල වැරදි ආකාරයට හැසිරෙනවා. විශේෂයෙන් එවිට ඔබ පවසන දෙයට ප්රතිවිරුද්ධ ක්රියාවක ඔවුන් නිරත වෙනවා. 

 

සීමාව පරීක්ෂා කිරීමට

 

ඔබ දරුවාට පැහැදිලිව ඔහුට හෝ ඇයට ක්රියාකළ හැකි සීමාවන් පනවා නොමැති විට ඔවුන් තමා කරන කාර්යයන් හි සීමාවන් සොයාගැනීමට වැරදි හැසිරීම් ප්රදර්ශනය කරනවා. එවිට ඔබ කළ යුත්තේ පැහැදිලි සීමාවන් දරුවන්පැනවීමයි

 

නිවසේ පරිසරය සාමකමී නොවීම

තමාගේ නිවසේ පරිසරයත් එහි සිදුවන දෙයත් සම්බන්ධයෙන් කුඩා දරුවන් බෙහෙවින් සංවේදි වෙනවා. ඒ නිසා ගැටුමක් හෝ වචන හුවමාරුවක් අතරතුර ඔවුන් වැඩිහිටි අවධානය වෙනස් කිරීමවැරදි හැසිරීමක් ප්රදර්ශනය කළ හැකියි

 

දරුවා හොඳින් පසු නොවන විට

 

වෙහෙසට පත් වූ විට හෝ බඩගිනි වූ විට හෝ අසනීපයෙන් පසුවන විට දරුවන් කලහකාරි හෝ නොසන්සුන් හැසිරීම් පෙන්නුම් කළ හැකි. නීරෝගී දරුවකුට සමබර ආහාර, දිනකට පැය 8ත් – 10ත් අතර නින්ද, ව්යායාම් හෝ ක්රියාශීලි ක්රියාකාරකම් සහ නැවුම් වාතය අවශ් වන අතර මින් කුමන හෝ දෙයක අඩුවීමක් දරුවාගේ වැරදි හැසිරීමට හේතුවිය හැකියි

 

දරුවා බලාපොරොත්තු කඩවීමකට හෝ කළකිරීමට පත්වීම

 

දරුවා දැඩිව බලාපොරොත්තු තබාගෙන සිටි සාදයක්, විනෝද චාරිකාවක් හෝ මිතුරු හමුවක් අවලංගු වීම, ඔහු හෝ ඇය ප්රියකරන සෙල්ලම් බඩුවක් කැඩීම වැනි හේතූන් නිසා ඔවුන් බලාපොරොත්තු කඩවීම හෝ කළකිරීමට පත්වීමට ඉඩ තිබෙනවා. මෙවැනි අවස්ථාවකින් නැවත යථා තත්ත්වයට පත්වීමට ඔවුන්ට වෙනත් උත්තේජනයක් අවශ් වෙනවා. 

 

ඉහත ප්රධාන හේතුන් වලට අමතරව දරුවන් තුළ වැරදි ආකාරයේ හැසිරීම් ඇතිවීමට බලපා හැකි නොයෙක් හේතූන් තිබිය හැකියි. එවැනි හැසිරීම් සම්බන්ධයෙන් දරුවා සමග කතාකර සරලව වටහා දීමට උත්සාහ ගත යුතුයි. ඔබගේ ආදරය හා පිළිගැනීම අඛණ්ඩව දරුවාට දිය යුතු අතර ඔහු හෝ ඇය තවමත් වර්ධනය වන බව ඔබ වටහා ගෙන ක්රියාකළ යුතුයි. දරුවාට උපහාසයට සහ අන් අය සමග විවේචනයෙන් වැළකිය යුතු අතර දරුවාගෙ එවැනි ආකාරයේ හැසිරීම් වලට බලපා ඇති හේතුව ඔබ වටහා ගත් පසු එයආමන්ත්රණය කළ යුතුයි. දරුවා සමග සාමකාමීව කාලය ගත කරමින් දරුවාට ඇහුම්කන් දෙමින් තත්ත්වය සමනය කිරීමට ඔබ මවක හෝ පියකු ලෙස උත්සාහ ගැනීමයි කළ යුත්තේ