පියෙක් දරුවකුට වීරයෙක් වෙන්නෙ මෙන්න මේ හේතු හින්දයි

දරුවාගේ ලෝකය වර්ණවත් කිරීමට සියලු බර දරා ගන්නා පියා යනු සෑම දරුවකුගේම ජීවිතයේ සිටින ශක්තිවන්තයායි. දරුවාට අනුව පියාට කළ නොහැක්කක් නොමැත. දරුවාගේ ලෝකයේ වීරයා වන්නේ පියායි

 

හොඳම ඇහුම්කන්දෙන්නා පියායි

පියවරුන් ඉතාම කාර්යබහුලයි. නමුත් දරුවාට කතන්දර කීමට, සෙල්ලම් කිරීමට, කරදරයක් වූ විට සහ ගැටළුවලට සවන් දීමට සෑමවිටම ඔහු වේලාව සොයා ගන්නවා

 

දරුවාගේ ජීවිතයේ සිටින ශක්තිවන්තයායි

දරුවන් කුඩා කාලයේදී සුරංගනා කතා දැඩිව ප්රිය කරන අතර ඔවුන්ගේ ලෝකය පිරි පවතින්නේ එහි සිටින වීර චරිතවලිනි. නමුත් එම වීර චරිත සියල්ලම සැබෑ ලෝකයේදී සමාන වන්නේ පියාටයි. සෑම විටම ඔවුන්ට කරදරයක් වූ විට ඔවුන් අපේක්ෂා කරන්නේ පියා පැමිණ ඔවුන් බේරාගනීවි යන්නයි

 

සියළු අවශ්යතා සපුරා දෙනවා

පියවරුන් කිසි දිනක ඔවුන්ගේ අවශ්යතා මූලික කොට සිතන්නේ නැහැ. ඔහුගේ සිතේ ඇතිවන පළමු සිතිවිල්ල වන්නේ හැකි සෑම විටම දරුවාගේ අවශ්යතා සපුරාලීමයි. පියා සහ දරුවා අතර බැඳීමේ සුන්දරත්වය වන්නේ පියා දරුවාට කොන්දේසි විරහිතව ලබාදෙන ආදරය සහ අනෙකුත්වමනා එපාකම් සපුරාලීම සහ දරුවා සම්බන්ධයෙන් පියා කෙරෙහි තබා ඇති විශ්වාසයයි

 

දරුවාගේ ජීවිතය පහසු කිරීමට ජීවිතයේ අසීරු කාර්යයන් ඔහු සිදු කරයි

පියා ඇතැම් විට පිටතින් බොහෝ රළු ගති පවතුම් ඇත්තෙකු විය හැකියි. දරුවාගේ වැරදි සඳහා දඬුවම් දෙන, ජීවිතයේ සාරධර්ම, ඇවතුම් පැවතුම් ගැන දැඩිව කියාදෙන, ඇතැම් විට සැරපරුෂ ගති පෙන්වුවත් සැබැවින්ම ඇතුලාන්තයෙන් පියා දරුවන් කෙරෙහි මහත් කරුණාවකින් යුක්තව කටයුතු කරනවා. පොල් ගෙඩියක් මෙන් පිටතින් රළු වුවත් ඇතුළාන්තයෙන් දරුවා ගැන මෘදු මොළොක් හදවතක් පියාගේ තියෙනවා. 

 

දරුවන්ගේ ලෝකයේ සුපිරි වීරයායි

සැමරුම් සඳහා ඕනෑ විටකදී ඔහු සූදානම්. බොහෝ විට දරුවා තුළ පියාගේ දිවියේ වන කාර්යබහුලත්වය, ඔහු දරනා වගකීම් සහ ගැටළු ගැන අදහසක් නැහැ. පියාත් එය දරුවන්ට හඟවන්නේ නැහැ. දරුවන්ට සිනහවක් ගෙන ඒමට, උපන්දින සැමරුමක් හෝ වෙන ඕනෑම දෙයක් සඳහා සැමරීම සඳහා පියා සෑමවිටකදීම ඉදිරිපත් වනවා. මූලිකත්වය ගන්නවා

 

දරුවාට අවශ් දේ සෑමවිටම පියා දන්නා අතර ඉනුත් ඔහුට හෝ ඇයට වඩාත් සුදුසු දේ ඔහු සෑමවිට දන්නවා

දරුවන් ඇතැම් විට පියා ඔවුන්ගේ සියළු ඉල්ලීම් සපුරන්නේ නැතිවිට සහ සෑම විටම දරුවාගේ අභිමතය පරිදි ක්රියා නොකෙරුවත් දරුවාගේ යහපත උදෙසා ගත හැකි සහ සපුරාලිය යුතු සියලු දේ පියා ලබාදෙනවා. එය දරුවන් කුඩා කලදී වටහා නොගත්තත් වයසින් වැඩෙන විට අවබෝධ කරගනු ලබන්නක්

 

පියා සෑමවිටම දරුවන් විශ්වාස කරනවා

දරුවන්ගේ හැකියාවන් ගැන පියවරුන් සෑමවිටම විශ්වාස කරන අතර දරුවන් තුළ විශ්වාසය නොමැති වන අවස්ථාවල පියවරුන්ගේ විශ්වාසය දරුවන්ගේ ජීවිත තුළ නැවතත් බලාපොරොත්තුවේ ආලෝක සිළු දල්වාලනවා

 

පියාගේ දෑත් අතරේ දරුවාට අවශ් රැකවරණය සෑමවිටම තිබෙනවා

ඔහුගේ ප්රාණය හා සමව දරුවන් ආරක්ෂා කරගන්නවා.  දරුවාගේ ජීවිතයේ සිටින හොඳම ගැටළු විසඳන්නා පියායි. දරුවාට ඇතිවන ඕනෑම ගැටළුවක් සඳහා ඔහු ළඟ විසඳුම් තිබෙනවා. දරුවාගේ ලෝකයේදී ඔහුට හෝ ඇයට අවශ් වන රියදුරා, කෝකියා, කාර්මිකයා, කතන්දර කියාදෙන්නා, සංචාරක මගපෙන්වන්නා වැනි ඕනෑම චරිතයකට පණ පෙවීමට පියාට හැකියි

 

පියා දරුවන්ට ආචාරශීලි වීමට මග පාදා දෙනවා

නිවසින් පිටත ලෝකය හා වඩාත් ආචාරශීලි වීමට දරුවන්ට ඔහුසමාවන්න” “කරුණාකරසහ ස්තුතියිකියන ඉන්ද්රජාලික වදන් තුන උගන්වනවා.

 

දරුවන්ට අවශ්‍ය මගපෙන්වීම, ආදරය හා කරුණාව ලබාදෙමින් ඔහුගේ දෑතින් අල්ලා යහපත් අනාගතයකට පෑදු මග දිගේ දරුවා ඉදිරියටම ගෙන යනු ලබනවා.  ඉතිං දරුවකුට ජීවිතයේ සිටින හොඳම වීරයා ඔවුන්ගේ ආදරණීය පියාම නෙවෙයිද?