Search here...
TOP
එදිනෙදා ජීවිත​ය

සෑම නිවසකට​ම නිදහස්, සන්සුන් ස්ථානයක් අවශ්‍ය ඇයි?

ඔබටත් කුඩා දරුවකු හෝ දරුවන් කිහිප දෙනෙකු සිටිනවා නම් ඕනෑම අවස්ථාවක ඉතා උද්වේගකර අවස්ථාවන් ඇතිවීමට ඉඩ තිබෙනවා. දරුවන් ඇතැම් අවස්ථාවල ඉතාමත් නොසන්සුන් ලෙස හැසිරෙනවා. ඔවුන් සන්සුන් කිරීම ඔබටත් අසීරු විය හැකියි. එවැනි අවස්ථාවලදී දරුවා තුරුලු කරගැනීම නැතිනම් දරුවා ප්රියකරන පොතක් කියවීම වැනි ක්රියාවක් මගින් දරුවා නැවතත් සන්සුන් කිරීමට ඔබට උත්සාහ කළ හැකියි

 

නමුත් ඇතැම් අවස්ථාවල එවැනි ක්රියාවන් මගින් දරුවා සන්සුන් කිරීම ඔබට කළ නොහැකි අතර දරුවා යමෙකුට පහර දීම, බිම පෙරළෙමින් නොසන්සුන්ව හැසිරීම වැනි සිදුකරන අතර එවිට ඔබට සිදුවන්නෙ දරුවා ඔහුගේ හෝ ඇයගේ කාමරයට දමා සන්සුන්වන තෙක් රැඳී සිටීමට ඉඩ දීමයි. එවිට ඔවුන්ට තමන් ගැන ලැජ්ජාශීලි හැඟීමක් ඇතිවන අතර තම නිවසට එවන් හැසිරීම් අවශ් නොවන බවට ඔවුන් වටහා ගන්නවා. නමුත් දෙමවුපියන් ලෙස ඔබට අවශ්‍ය වන්නේ කෝපය, නොසන්සුන්වීම ආදි සියල්ල මානුෂීය හැඟීම් බවත් ඒවා ගැන අවබෝධය, වටහා ගැනීම සහ හිතකර ආකාරයට ප්රකාශ කිරීමට ඉගෙන ගැනීමයි

 

නමුත් එය ඉතා ලේසි දෙයක් නොවේ. ඇතැම් විට වැඩිහිටි අපද හැඟීම් එළිදැක්වීමේදි සහ වටහා ගැනීමේදි යම් අහිතකර දේ සිදුකරනු ලබනවා. ඉතින් කුඩා දරුවකුගෙන් එය 100%ක් බලාපොරොත්තු විය නොහැකියි. වැඩිහිටි අපද තවමත් අපගේ පිළිගත නොහැකි චිත්ත වේගයන් ගැන වටහා ගැනීමටත් ඒවා සංසිද වීමටත් මහන්සි වෙනවා. ඇතැම් අවස්ථාවල එවැනි චිත්තාවේගයන් යටපත් වීම හෝ මතුවීම හේතුවෙන් වැඩිහිටි අප තුලත් හදිසි කෝපය වැනි තත්ත්වයන් මතු වෙනවා

 

දරුවාගේ මොළයේ වර්ධනය

 

දරුවා තුල සවයං ශික්ෂණයක් ඇති කර ගැනීම සම්බන්ධයෙන් වඩාත් ඵලදායි ක්රමයන් ඉගැන්වීමට නම් දරුවා හැඟීම්වලින් ව්යාකූල වී ඇති අවස්ථාවලදී ඒවා ගැන සන්සුන්ව අවබෝධයක් ලබාගැනීමට ඉඩ ප්රස්ථාව ලබාදීමෙන් එය ආරම්භ කළ හැකියි. ඔවුන් ආරක්ෂිත බවත්, ඔවුන් අවුල් වූ විට පවා ඔබ ඔවුන්ට ආදරය කරන බවත්, මොහොතේදි ඔබට ඔවුන්ට උපකාර කිරීමට අවශ් බවටත් වන හැඟීම ඔවුන් තුල ඇති කරන්න. මද වේලාවකින් දරුවා සන්සුන් වූ පසු ඔබ ඔහු හෝ ඇය සමග කතා කර ඔවුන්ට ඇති ගැටළුව නිරාකරණයට උදවු කරන්න. EQ නැතිනම් Emotional Intelligence ලෙස හඳුන්වන්නේ එයයි. එහිදී ඔබ ඉහත ප්රවේශය තුළින් දරුවා පිළිගැනීමත් ඔවුන්ගේ හැඟීම් කළමනාකරණයත් සිදු කරනවා

 

නොසන්සුන් වු දරුවකු සන්සුන් කිරීමේ මෙම ප්රවේශය මනෝවිද්යාත්මක ඉගෙනීමක් පමණක් නොවන අතර ඉන් පහසුවෙන් සන්සුන් වීමට අවශ් ස්නායු ක්රියාකාරිත්වයද දරුවා තුල ගොඩ නැගෙනවා. ඔබ නොසන්සුන් දරුවා සනසන සෑම අවස්ථාවකදීම ඔවුන්ගේ ශරීරය සන්සුන් කරන හෝමෝන සහ ස්නායු සම්ප්රේෂක (soothing hormones and neurotransmitters) නිකුත් කරන අතර එතුළින් දරුවාගේ ස්වයංව සන්සුන්වීමට අවශ් කරන ස්නායු පද්ධතිය (self-soothing neural networks) ශක්තිමත් වෙනවා. එබැවින් ඔබ දරුවා සනසන සෑම අවස්ථාවකම ඔවුන්තුල ආරක්ෂිත බවක් සහ අවබෝධයක් දැනීමට උපකාර කරන අතරම ඉන් ඔවුන්ගේ මොළය සහ ස්නායු පද්ධතිය ගොඩනඟා ගැනීමට උදව් කිරීමද සිදුවනවාඑමඟින් ඔවුන් ජීවිත කාලය පුරාවටම අවුල්සහගත අවස්ථා සහ ආපදා හමුවේ සන්සුන් වීමට ඔවුන්ට ඉඩ සලසනවා.

 

Co-regulation (සම නියාමනය)

 

දරුවන් නොසන්සුන් සහ අවුල් සහගත වූ සෑම අවස්ථාවකදීම ඔවුන්ට සන්සුන් වීමට උපකාරී වන වැඩිහිටියකුගේ අවශ්යතාවය දැන් ඔබට වැටහෙනවා ඇති. විශේෂඥයන් මෙය “Co-regulation” ලෙස හදුන්වනු ලබනවා. එහිදී දෙමවුපියන් Co-regulation වීමෙන් දරුවා ක්රමාණුකූලව එය ඉගෙන ගැනීම අර්ථ ගැන්වෙනවා. මෙය දරුවා බිළිඳු අවස්ථාවේ ආරම්භ වී ක්රමයෙන් පෙර පාසල් සහ ඉන් ඔබ්බෙහි වන වයස් ඛාණ්ඩයන් දක්වා එය ඉගෙන ගන්නවා

 

නිවසක සන්සුන්, නිදහස් ස්ථානයක ඇති වැදගත්කම – The cozy corner

ඇතැම් අවස්ථාවලදි දෙමවුපියන් ලෙස දරුවා නොසන්සුන්වන සෑම අවස්ථාවකදීම ඔබට ඔවුන් සමග සිටීමට හැකි වන්නේ නැහැ. එමෙන්ම දරුවාද ක්රමයෙන් තමා සන්සුන් විය යුතු ආකාරයට ඉගෙනගනු ලබනවා. ඒ නිසා ඔබ දරුවා සමග නොසිටින සෑම අවස්ථාවකදීම ඔහුට හෝ ඇයට තම සිතිවිලි සන්සුන් කරගැනීමට නිදහස්, සුවපහසු ස්ථානයක් අවශ්යි. මෙය නිවසකට මෙන්ම පාසලකටද ඉතාමත් අවශ්යයි. නිදහස් ස්ථානයක් යනු සරලවම ඔබගේ නිවසේ ඕනෑම අයෙකු සිතිවිලි මගින් ව්යාකූල වූ විට ඒවායින් අස්වැසිල්ලක් ලබාගත හැකි ආකාරයේ ස්ථානයක්. උදාහරණ ලෙස ඔබගෙ දරුවා යම් සිදුවීමකින් නොසන්සුන්වී කලහකාරී ලෙස හැසිරෙන විට දෙමවුපියන් ලෙස ඔබගෙන් කෙනෙකුට ඔහු හෝ ඇය රැගෙන ගොස් ආරක්ෂිතව, සන්සුන්ව, දැකීමට සහ තේරුම් ගැනීමට උදවු කළ හැකි සන්සුන් පරිසරයක් සහිත ස්ථානයක්

 

ඔබ නිවසෙ එවැනි ස්ථානයක් වෙන්කර දරුවා එම ස්ථානයට ගොස් ඔවුන් සන්සුන් කිරීමට හුරු වූ විට ඔවුන්ද එම ක්රමයෙන් එම ස්ථානය භාවිතා කිරීමට හුරුවනවා. නිවසේ කුමන ස්ථානයක් එයට තෝරාගන්නවාදැයි ඔබට තීරණය කළ හැකියි. උදාහරණ ලෙස මල් වවා හොඳින් අවට පරිසරය පෙනෙන ලෙස සකසා සුවපහසු ලෙස අසුන් පනවා ඇති බැල්කනියක්, එසේ නොමැති නම් නිවසේ අභ්යන්තරයේ අන් අයගෙන් බාධා එල්ල නොවන සේ සැකසූ කාමරයක් ඔබට භාවිතා කළ හැකියි. එයට සුවපහසු පලසක් යොදා සැපපහසු පුටුවක් සහ බිත්ති වලට සරල පැහැයක් ආලේප කර සකසා ගත හැකියි. එසේ නැතිනම් පහත දේ එයට එක්කළ හැකියි

 

පවුලේ ඡායාරූපයක් (බොහෝ දරුවන් තම පවුලේ විශ්වාසවන්ත වැඩිහිටියන්ගේ ඡායාරූපයක් දුටු විට ඉක්මණින් සන්සුන් වන බව පර්යේෂකයන් පවසනවා)

පුරවන ලද සෙල්ලම් සතුන්ඔබට දරුවා ප්රියකරන සත්ත්ව අනුරූ තෝරාගත හැකියි.

විවිධ හැඟීම් පෙන්නුම් කරන මුහුණු සහිත රූප පත්රිකාවක්

දරුවාට සෙලවිය හැකි උපකරණයක්

– Bubbles උපකරණයක් 

 

එමෙන්ම දරුවාගේ මනසට සහනයක් ගෙන දෙන යම්කිසි වාදනයක් කිරීමට ඔබට උත්සාහ කළ හැකියි. නැතිනම් දරුවා ඔබ ගායනා කරනවාට කැමති ගීතයක් සෙමින් මිමිණීම වැනි දේ එයට එක්කළ හැකියි. ඔබට දරුවා ඉක්මණින් සන්සුන් වීමට යොදාගත හැකි ඔහු හෝ ඇය ප්රිය කරන දේ එයට එක්කරන්න. නමුත් එම ස්ථානය දැඩි ලෙස භාණ්ඩ වලින් පුරවා නොගෙන තැබීම වැදගත්

 

දරුවන් දෙදෙනෙකුඑකම වෙලාව තුල සන්සුන් කාමරය භාවිතා කළ හැකිද?

ප්රමාණවත් ඉඩක් සහිත නම් ඔබට එකවර දරුවන් දෙදෙනෙකු එයට ගෙන යා හැකියි. නමුත් එකිනෙකා හා රණ්ඩු කළ නොහැකියි. උස් හඬින් කතා කළ නොහැකියි යන ලෙස සරල රීතින් කිහිපයක් පනවා ගත යුතුයි

වැදගත්ම දෙය ඔබ දරුවා සන්සුන් වන ස්ථානයට යවන්නේ දඬුවමක් ලෙස නොවන බවට හැඟීම ඔවුන් තුල ගොඩනැගිය යුතුයි. නැතිනම් ඔවුන් එය ප්රතික්ශේප කරාවි සහ තමාව නිවස තුල ප්රතික්ශේප වී ඇති බවට හැඟීමක් ඔවුන් තුල ඇතිවේවි. ඒ නිසා දරුවා ක්රමයෙන් එම ස්ථානයේ වැදගත්කම වටහා ගන්නා තෙක් ඔබ දරුවා සමග යා යුතුයි. දරුවා කලබල වූ විට පමණක් නොව සාමාන් වේලාවේදීත් එම ස්ථානයට රැගෙන යන්න. දරුවා එම ස්ථානයේ සුවපහසුව අත්විඳීමට පුරුදු වූ පසු තනිවම එම ස්ථානයට යනවා ඔබට පෙනේවි

 

«

»