ඔබත් දරුවා නින්දට යැවීමට ලොකු සටනක් කරන මවක්ද?

කාර්යබහුල දිනයක් අවසානයේ සෑම මවකටම අවශ් සාමකාමීව දවස අවසන් කිරීමටයි. නමුත් සාමාන්යයෙන් නින්දට යන වේලාවත් පසුකර මේ අත දුවන කුඩා දරුවකු සිටීනම් එවිට සිදුවන්නේ කුමක්ද? ඔබ දිනක් දෙකක් එය ඉවසුවත් සෑම දිනකම නිදි කිරා වැටෙමින් දරුවා නින්දට යැවීමට මහත් සටනක් කිරීම ඔබ කෝපයටත් වෙහෙසටත් පත්කරනවා නේද? විශේෂයෙන් රාත්රියේ පමාවී නින්දට යන දරුවා පසුදින උදෑසන අවදිකර ගැනීමටත් මහත් වෙහෙසක් දැරීමට සිදුවනවා. ඒ නිසා දරුවන් කුඩා අවදියේ සිටම නියමිත වේලාවට නින්දට යොමුකරවීම ඉතාමත් වැදගත්

 

දරුවන් නින්දට යැවීමට අපහසු වීමට බලපාන හේතූන්

දෙමවුපියන්ගෙන් වෙන්වීමට ඇති බිය

 

දරුවන් සෑමවිටම තම දෙමවුපියන් සමගම සිටීමටයි ප්රිය කරන්නේ. නමුත් රාත්රී කාලයේ දෙමවුපියන්ගෙන් ඈත්ව තනිව ඇඳක හෝ කාමරයක නිදාගැනීමට වීම දරුවන් මදක් ව්යාකූල කරනවා. ඒ නිසා නිදාගැනීමෙන් වැළකී සිටීමට ඔවුන් උත්සාහ කරනවා

 

විනෝදජනක ක්රියා

 

ප්රියතම රූපවාහිනී වැඩසටහනක් හෝ තම වැඩිමහල් සොයුරු සොයුරියන් සමග කෙළිදෙලෙන් ගත කිරීමට ඇති කැමැත්තද නිදා ගැනීමෙන් වැළකීමට බලපානු ලබනවා

 

මව සමග ඇති බැඳීම

 

මව රැකියාවක නිරත වනවා නම් දරුවාට මව සමග ගත කිරීමට ඇති එකම වේලාව රාත්රී කාලයයි. ඒ නිසා නින්දට නොයා මව සමග කාලය ගත කිරීමට ඔවුන් උත්සාහ කරනවා

 

සවස නින්ද

 

කුඩා දරුවන් දිවා ආහාරයෙන් පසු කුඩා නින්දකට හුරුව සිටිනවා. නිසා ඔවුන්ට රාත්රියේදී නින්ද ළඟාවීම පමාවිය හැකියි

 

 

දරුවා පහසුවෙන් නින්දට හුරුකරවිය හැකි ක්රම තිබෙනවාද?

පළමුවෙන් ඔබේ දරුවා නින්දට යොමුකරවීමට ඇති අපහසුතා සහ නිදාගන්නා වේලාව ගැන සලකා බැලිය යුතුයි

 

දරුවාට පහසු දින චර්යාවක් සැකසීම

 

දරුවාට නින්දට යොමු කිරීමට පෙර නිසි ආකාර සැලැස්මක් තබාගැනීමට දරුවා නින්දට හුරු කරවීමට පහසු ක්රමයක් වනවා. උදාහරණ ලෙස නින්දට පෙර සෑම දිනකම එකම වේලාවක සේදීම, දත් මැදීම, දරුවා ප්රියකරන කතන්දර කියවීම වැනි පියවරයන් මගින් දරුවා නින්දමනෝවිද්යාත්මකව සූදානම් කරන අතර දරුවාගේ මනස යම් කාලසටහනකට හුරු වූ පසු ඔහු හෝ ඇය සෑම දිනකම එකම වේලාවක නින්දයොමුවීම සිදුවනවා

 

නින්දට පෙර ක්රියාශීලි වීමෙන් වළක්වන්න

 

දරුවා නින්දට පැය දෙකකට පෙර පමණ සිට ශාරීරික ක්රීඩාවන් හි නිරතවීමෙන් වැළැක්විය යුතුයි. එවිට දරුවාගේ නිදිමත අඩුවීම සිදුවනවා

 

රූපවාහිනි කාලය සීමා කරන්න

 

නින්දට පැය භාගයකට පෙර රූපවාහිනිය සහ වෙනත් විද්යුත් තිරයන් සහ සංගීත වාදනයන් නතර කිරීම දරුවා නින්දට යොමු කිරීම පහසුවනවා

 

කැෆේන් අඩංගු ආහාර දීමෙන් වැළකීම

 

චොක්ලට්, කෝලා පානයන් වැනි දේ නින්දට ආසන්නයේ දරුවන්ට ලබාදීම මගින් ඔවුන්ට ක්ෂණිකව උත්තේජනය වීමක් සිදුවන අතර ඉක්මන් නින්දක් ලැබීමට එමගින් බාධා සිදුවනවා

 

බිය දුරුකරන්න

 

බොහෝ කුඩා දරුවන් රාත්රී අන්ධකාරයට බියක් දක්වනවා. විදුලි පහන් නිවා දමනවාට ඔවුන් අකමැතියි. ඒ නිසා පළමුවෙන් ඔබ දරුවාගේ ඒ බිය ඉවත් කළ යුතුයි. හොල්මන් සහ අභිරහස් කතා කීමෙන් වැළකිය යුතුයි. ඒ නිසා රාත්රියේ දරුවාට සැහැල්ලුවෙන් ගත කිරීමට හුරු කළ යුතුයි

 

ත්යාග ලබාදෙන්න

 

දරුවා නියමිත පරිදි නියමිත වේලාවට නිදාගැනීමට යොමුවනවා නම් හෝ එයට ධනාත්මක පෙළඹවීමක් ඔහු හෝ ඇය තුළ ඇතිනම් ත්යාගයක් ලබාදීමක් වැනි දෙයක් මගින් දරුවා අභිප්රේරණය කළ හැකියි

 

දරුවා ඉතා කුඩාකල දී තනිව නිදි කිරීමෙන් වළකින්න

දරුවන්ට සෑමවිටම තම දෙමවුපියන් ඇසුරින් ආරක්ෂාවක් අත්විඳිනවා. ඒ නිසා දරුවා තනිව නිදාගැනීමට හොඳින් හුරුවන තෙක් එයට බල කිරීමෙන් වැළකිය යුතුයි. ඒ නිසා දරුවාට තමා කෙරෙහි විශ්වාසයක් ඇතිකර පසුව තනිව නිදාගැනීමට හුරු කළ යුතුයි

 

දිවා කාලයේ ක්රිඩාවන්උනන්දු කළ යුතුයි

 

ශාරීරික ව්යායාමයන් සෑම දරුවකු අවශ් අතර එය දරුවාගේ ආහාර රුචිය වර්ධනය කරන අතර ශරීරය නීරෝගීව පවත්වා ගැනීමට උපකාරී වෙනවා. එමෙන්ම ක්රියාශීලි දිවියක් ගත කිරීම තුලින් දරුවාට වෙහෙස දැනෙන අතර රාත්රියේ පහසුවෙන් නින්දට යොමු කිරීමටද එය උපකාරී වෙනවා

 

දහවල් කාලයේ නින්ද නතර කිරීම

 

දරුවන් බොහෝ විට දහවල් කාලයේ කෙටි නින්දක් ලබන අතර ඒ නිසා රාත්රී නින්දට යොමුවීම පමා වෙනවා. ඒ නිසා දහවල් කාලයේ දරුවා ප්රියකරන ක්රියාවක නිරත වීමට ඉඩ ලබාදී දහවල් නින්දෙන් වැළැක්වීම කළ යුතුයි.