එකවර දරුවන් 10 දෙනෙකු බිහිකළ අම්මා ලෝක වාර්තාවක් පිහිටුවයි

37 හැවිරිදි දකුණු අප්රිකානු කාන්තාවක් වන ගොසියමු තමාරා සිතොලේ (Gosiame Thamara Sithole) එකවර නිවුන් දරුවන් 10 දෙනෙකු බිහිකර ලෝක වාර්තාවක් තබා තිබෙනවා. මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කියුවේ මෙම වසරේ මැයි මස එකවර නිවුන් දරුවන් 9 දෙනෙකු බිහිකළ ගෝතමාලාවේ මාලියන් හසේමා ( Malian Halima Cissé) විසිනුයි

 

පිරිමි දරුවන් 7ක් සහ ගැහැණු දරුවන් 3නෙක්

මින් පෙරද නිවුන් දරුවන් දෙදෙනෙකු බිහිකර ඇති තමාරා සිතොලේ සහ ඇගේ නිවුන් දරුවන් සුවයෙන් පසු වන බවත් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් යුතුව පසුවන බවත් රෝහල් ආරංචි මාර්ග තහවුරු කර තිබෙනවා. ඇගේ ස්වාමි පුරුෂයා පවසන්නේ ඇයගේ ගර්භණී කාල සීමාව මාස 7 යි දින දින හතක් වූ අතර ප්රසූතියට පෙර කරන ලද ස්කෑන් පරීක්ශණයකින් දරුවන් 8 දෙනෙකු බව පැවසූවත් තමාරා සිතොලේ පිරිමි දරුවන් 7 දෙනෙකු සහ ගැහැණු දරුවන් 3 දෙනෙකු බිහිකර ඇති බවත් ඔවුන් දෙදෙනා සහ පවුලේ උදවිය තවමත් පුදුමයෙන් සහ දැඩි සතුටකින් පසුවන බවත්ය

 

ඉතා කලාතුරකින් සිදුවන්නක්

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ දකුණු අප්රිකානු වෛද්යවරියක පවසන ආකාරයට දරුවන් 3 දෙනෙකුට වඩා එකවර උපත ලැබීම ඉතා කලාතුරකින් සිදුවන බවත් මෙවැනි ගැබ් ගැනීම් බොහෝ විට අසාර්ථකයි. නමුත් තමාරා සිතොලේ දරු ප්රසූතියට පෙර යහපත් සෞඛ් තත්ත්වයෙන් යුතුව පසු වූ බවත්, සති 29 සම්පූර්ණ වූ පසු සිසේරියන් සැත්කමක් මාර්ගයෙන් ඇය දරුවන් ප්රසූත කළ බවත් ඇය තව දුරටත් සඳහන් කළා

 

නිරෝගී දරු උපතක ප්‍රාර්ථනය 

නිරෝගී දරු උපතක් සෑම කාන්තාවකගේම අපේක්ශාවයි. ඉතින් දරු ප්රසූතියට පෙර තමාරා සිතොලේ ගර්භණී සමයේ නිදි නොමැතිව ගතකරන බොහෝ රාත්රීන් වල නිරෝගී දරු උපතක් ඉල්ලා තමන් දෙවියන්ට යාඥා කළ බවත් වෛද් හමුවීම් වලදී ඇය තම දරුවන් සුවෙන්දැයි නිරතුරුවම ඔවුන්ගෙන් විමසූ බවත් මාධ් වෙත ප්රකාශ කර තිබුණා

එමෙන්ම ඇය ස්වභාවිකව ගැබ් ගත් බවත් දරුඵල අපේක්ශාවෙන් කිසිදු ප්රතිකාරයක් නොගත් බවත් පවසා තිබුණා. ගැබ් ගැනීමේ මුල් කාලයේදි ඇය දරුවන් දෙදෙනෙකු හෝ තුන් දෙනෙකු ගැන අපේක්ශාවෙන් සිටියත් වෛද්යවරුන් දරුවන් 8 දෙනෙකු බව පැවසූ විට ඇය එකවරම කම්පනයට පත්වූ බවත් එය විශ්වාස කිරීමට යම් කාලයක් ගතවූ බවත් පවසා තිබුණා

කෙසේ නමුත් ආශ්චර්යක් සිදුවී හමාරයි. දැන තමාරා සියොලේ දරුවන් 12 දෙනෙකුගේ ආඩම්බර මවක්. ඉතින් ඇයටත් ඇගේ දරුවන්ටත් අපි නිරෝගී ප්රීතිමත් අනාගතයකට සුභ ප්රාර්ථනා කරමු