දරුවාගේ තුන්වන මස තුළ වැඩීම සහ සංවර්ධනය

දරුවා ඉපදී මාස 3ක් ගතවන විට ඔබත් දරුවාත් අතර මනා බැඳීමක් ගොඩනැගී අවසන්. ඔබ දුටුවිට සිනා සීම, කට උල්කරමින් කතා කිරීමට උත්සාහ කිරීම දකින ඔබගේ සිත සතුටින් පිරී යනවා ඇති. නිතර නිතර අඬන සමය අවසන් කරමින් සිටින කාලසීමාවක් ලෙසද මාස 3 සම්පූර්ණ වීම හැඳින්විය හැකියි. දරුවා ක්රමයෙන් වර්ධනය වන අපූරුව ඔබට පැහැදිලිව නිරීක්ෂණය කළ හැකියි

දරුවාගේ පළමු මස තුළ වැඩීම සහ සංවර්ධනය

 

දරුවාගේ දෙවන මස තුළ වැඩීම සහ සංවර්ධනය

මාස 3 ක් වන විට ඔබේ සිඟිත්තා;

හිස පිටුපස ෆොන්ටනෙල් (මෘදු ස්වභාවය) යථා තත්ත්වයට පත් වෙලා තියෙනවා. හිස මුදුනේ එක් ස්ථානයක පමණක් මෘදු ස්ථරය දැකිය හැකියි. සිරුරට වඩා ඉක්මණින් ඔලුව වැඩී ඇති ආකාරයක් දැකිය හැකියි. එය සාමාන් තත්ත්වයක්

 

රාත්රියේ දෙතුන් වරක් අවදි වීම සාමාන් වන අතර මාස 3න් පසු බොහෝ දරුවන් රාත්රී කාලය පුරා නින්ද ලබා ගන්නවා. (එකදිගට පැය පැය 5 ක් හෝ 6 ක් පමණ)

 

මාස 3ක් වු විට දරුවාට කළ හැකි දේ

  • ඔබගේ විවිධ හැසිරීම් සදහා ප්රතිචාර දැක්වීම. බොහෝ විට ඔබගේ කට හඬට හොඳින් ඇහුන්කම් දීමත් කට හඬ ඇසෙන දිශාවට අවධානය යොමු කිරීමත් සිදුකරනවා
  • මව සහ පියා හොඳින් හඳුනන අතර ආගන්තුකයන් සමග සිනහ සීම
  • දරුවා සමග කතා කරනවිට එයට ප්රතිචාර දැක්වීමට උත්සාහ කිරීම
  • මාස 3 පමණ වනවිට මාංශ පේශි වර්ධනය ආරම්භ වන අතර තනිව යමක් ග්‍රහණය කරගත නොහැකි වුවත් වස්තූන් දෙස හොඳින් බලමින් අවධානය යොමු කිරීම
  • හිස හොඳින් හැසිරවීමට හැකි අතර වාඩි වීමට උත්සාහ කරන අතර හිස එසවීමට උත්සාහ කරනවා
  • දෑත් හොඳින් සොලවන අතර පාද ශක්තිමත්ව ගැසීම
  • ඔවුන්ගේ ඉහළින් එල්ලා ඇති වස්තුවක් දෙස බලා එය දෙඅතින් ග්රහණය කර ගැනීමට උත්සාහ කිරීම

 

මාස 3ක් වයසැති දරුවාගේ සංවර්ධනයට ඔබට කළ හැකි දේ

  • දරුවා සමග නිතර කතා කරන්න. මෙම කාලය දරුවාගේ භාෂා දියුණුවමූලික පියවර තබන කාල සීමාවයි. ඔබේ දරුවාට තම අදහස් ප්රකාශ කිරීමට දිරිමත් කිරීමට වචන වලින් හෝ විවිධ ශබ්ද වලින් ප්රතිචාර දක්වන්න
  • දරුවා සිටින කාමරයෙ දරුවාට හොඳින් දැකිය හැකි විවිධ රූප අලවා තබන්න. එසේ නොමැති නම් විශාල, දීප්තිමත් පින්තූර සහිත ළදරු පොත් මගින් පෙන්වන්න. දරුවා වටා පරිසරයේ ඇති දේ පෙන්වන්න. ඔබගේ නිවසේ භාෂා දෙකක් භාවිතා වනවා නම් දරුවා සමග භාෂා දෙකෙන්ම කතා කරන්න
  • දරුවාගේ හිස පිටුපස මාංශ පේශීන් සවිමත් කරගැනීමදරුවා මුණින් අතට සිටින විට දැකිය හැකි පරිදි සෙල්ලම් බඩුවක් එල්ලන්න. සවේදනයන් දැනීමට ලෝම හා වෙනත් අමුද්රව් ආශ්රයෙන් සකසන ලද සෙල්ලම් බඩු ලබාදෙන්න
  • දරුවා මෘදු ලෙස සම්බාහනය, තුරුලු කරගැනීම සහ එළිමහනේ ගත කිරීම සිදුකරන්න

 

දරුවාගේ වර්ධනයේ යම් ගැටළුවක් ඇති බවට ඉඟි කරන සංඥා

  • ඉපදී සති 8ක් ගතවන තුරුත් සිනහා නොවේනම්
  • ඔවුන් සන්සුන් කිරීමට ඔබට කොතරම් උත්සහ කළත් නොහැකි නම්
  • ශරීරයේ එක් පසක් අනෙක් පසට වඩා ශක්තිමත් ස්වභාවයක් වැඩිනම්
  • දරුවා ඇඟිලි තදින් ග්රහණය කර සිටීනම්
  • හදිසි ශබ්ද වලට ගැස්සීම හෝ වෙනත් ප්රතිචාර නොදක්වයි නම්
  • කිරි උරා බීම දුර්වල නම්

 

එක් එක් ළදරුවන්ගේ වර්ධන වේගය එකිනෙකාගෙන් වෙනස් වන අතර ඉහත යම් ගැටළුවක් දරුවා තුළින් ඔබ නිරීක්ෂණය කරන්නේ නම් වහාම ළමා රෝග වෛද්‍ය විශේෂඥ උපදෙස් ලබාගත යුතුයි.