දරුවා පස්මස් වියේදි වැඩීම සහ සංවර්ධනය

ඔබේ දරු පැටියා මෙළොව එළිය දුටුවාට පසු ඔබගේ මුළු ලෝකයම කුඩා ජීවියා වටා බැඳී ඇති. ඔබට කාලය ගතවනවාත් නොදැනෙනවා ඇති. ඒත් දැන් ඔබේ කුඩා දරු පැටියාට මාස 5ක් සම්පූර්ණ වෙලා නම් දරුවන් අවට ලෝකය ගැන ඉගෙන ගනිමින් සහ එයට අනුගත වෙමින් ඇති. ඊට අමතරව ඝන ආහාර ලබාගැනීමසූදානමින් ඇති. සාමාන්යයෙන් ඝන ආහාර ලබාදීම නිර්දේශ කරනු ලබන්නෙ මාස 6 දී වුවත් ඇතැම් ළදරුවන් මාස 4වන විට එයට සූදානම් වනවා. ඉතින් ඔබටත් දරුවා ඝන ආහාර ලබාගැනීමසූදානම් යැයි සිතෙනවා නම් එය අත් හදා බැලීමට මෙය සුදුසුම කාලයයි

 

ඔබගේ පස් මස් වියැති බිළිදා දැන්,

  • උපන් බර මෙන් දෙගුණයකට ළඟා වී ඇති බවක් දැකිය හැකියි
  • මසකට බර 550g ක් සහ දිගින් සෙන්ටිමීටර 2ක් පමණ වර්ධනයක් පෙන්නුම් කරයි. 
  • දරුවානිශ්චිත දින චර්යාවක් හුරු කර ගැනීමෙන් දරුවාට වඩාත් සුවපහසු සහ ආරක්ෂාකාරි බවක් දැනේ
  • දරුවා ක්රමයෙන් ඇවිදීම, දණගෑම වැනි දේ උත්සාහ කරන කාල සීමාව එළඹෙන බැවින් ඔබගේ නිවසේ වටපිටාව දරුවාට උචිත ලෙස සකස් කරගැනීම ඉතා යෝග් වනවා

 

මාස 5ක් වයසැති දරුවාට කළ හැකි දේ 

  • දරුවා තනිව වාඩි වීම හුරුවන අතර බොහෝ විට ආධාරකයක් නොමැතිව වාඩිවිය හැකියි. නමුත් වැඩි ආරක්ෂාවවටේට කොට්ට වැනි ආධාරක තබන්න
  • ඔවුන් සියල්ල ගැන විශ්ලේෂණය කරන අතර අතට ගන්නා සියල්ල කටට ගැනීමට උත්සාහ කරනවා
  • ප්රධාන ආහාරය මවුකිරි හෝ ආදේශක කිරි වුවත් ඔවුන් ඝන ආහාර කෙරෙහි සැලකිලිමත් වෙනවා
  • භාශාව හුරුවන කාලසීමාව බැවින් නිතර මුඛයෙන් නොයෙකුත් ශබ්ද ඇති කරයි
  • සිනහවීමට සහ නොයෙකුත් ඉරියව් පෙන්විය හැකි අතර ඔබ දරුවා සමග සෙල්ලම් කරනවා නම් බෙහෙවින් සතුටු වනු දැකිය හැකියි
  • ඔවුන් හේතු සහ ප්‍රතිඵලය ගැන ඉගෙන ගනිමින් සිටින කාලයක්. නිතර නිතර අතට ගන්නා කුඩා සෙල්ලම් බඩු බිම දමමින් නැවත ගැනීමට හෝ ඔබ එය අහුලා දෙනවාට මහත් සේ ප්රිය කරන අතර එය ඔවුන්ව ප්රීතියට පත් කරනවා

 

දරුවාගේ සංවර්ධනයට ඔබට කළ හැකි දේ

සාමාන්යයෙන් මාස 5 පමණ වන විට දරුවන් බොහෝ දේ ගැන විමසිලිමත් වන අතර දරුවා සමග නිතර කතා කිරීම සහ සවන් දීම කළ යුතු වෙනවා. විව්ධ ශබ්ද නැගෙන පරිදි සහ විවිධ ඉරියව් භාවිතා කර දරුවා එයට ප්රතිචාර දක්වන ආකාරය නිරීක්ෂණය කරන්න

එමෙන්ම දරුවාට ඇසෙන පරිදි පොත් කියවීම, ගීත ගායනය, සෙල්ලම් කිරීම සහ නොයෙකුත් ශබ්ද භාවිතා කිරීම වැනි දේ දරුවා සමග නිරත වන්න. දරුවා වෙහෙසට හෝ නිදිමත ස්වභාවයකින් පෙළෙන විට අවස්ථාවට අනුව දරුවාට අවශ් දේ ලබාදෙන්න

 

දරුවාගේ වර්ධනයේ යම් දුර්වලතා ඇති බවට ඉදිරිපත් වන සංඥා

  • දරුවා අවට ඇති දේ සම්බන්ධයෙන් උනන්දුවක් නොදක්වයි
  • ඔබව හඳුනා නොගනී
  • කිසිදු ශබ්දයක් පිට නොකරයි
  • දෑතේ ඇඟිලි විහිදා නොසිටියි
  • ඔවුන් දෙපා චලනය නොකරන අතර බොහෝ විට ඒවා වකුටු කොටගෙන සිටියි
  • දෑස් චලනය නොකරන අතර දෑස් වලින් ඍජුව සම්බන්ධ නොවෙයි
  • විශාල ශබ්දයකදී පවා ප්රතිචාර නොදක්වයි
  • බොහෝ විට නොසතුටින් සහ අපහසුවෙන් සිටියි

 

වෛද් උපදෙස් ලබාගත යුතු වන්නේ කුමන අවස්ථාවේදීද?

සාමාන්යෙන් දරුවාට මාස 5 සම්පූර්ණ වනවිට ඔවුන් බොහෝ ක්රියාශීලි ස්වභාවයක් පෙන්නුම් කරන අතර එසේ නොවන්නේ නම් හෝ ඉහත ලක්ෂණයන්ගෙන් එකක් හෝ කිහිපයක් ඇතිනම් පවුල් සෞඛ්යය සේවා නිලධාරිණියගෙන් හෝ ළමා වෛද්යවරයාගෙන් උපදෙස් ලබාගත යුතු වනවා

 

දරුවාගේ පළමු මස තුළ වැඩීම සහ සංවර්ධනය

දරුවාගේ දෙවන මස තුළ වැඩීම සහ සංවර්ධනය

දරුවාගේ තුන්වන මස තුළ වැඩීම සහ සංවර්ධනය

දරුවාගේ සිවුවන මස තුළ වැඩීම සහ සංවර්ධනය